Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2019 09:00:02 Hours

කිරිවානගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට නායකත්ව වැඩමුළුක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ජනවාරි මස 11 දින සිට 13 දින දක්වා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කිරිවානගම මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලදී. මෙම නායකත්ව පුහුණු වැඩමුළුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වාගේ සහයෝගය මත පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා උපදේශකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් න්‍යායාත්මක හා ප්‍රයෝගික ක්‍රියාකාරකම් සිදුකරමින් පවත්වනු ලැබු මෙම පුහුණු වැඩමුළුව සඳහා පාසල් සිසුන් 61 ක් සහභාගි වූහ. latest jordans | Nike Shoes