Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2018 15:27:38 Hours

කැලණිය පුදබිමේදි රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් 28,619 ක් සිහිපත් කරමින් ඓතිහාසික අාලෝක පුජාවක්

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද දෙවියන්ගේ පාරාදීසයක් වන ඵෙතිහාසික හා අතිශය පූජනීය කැලණිය රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ දී සෙනසුරාදා (19) දින සන්ධ්‍යාවේ යහපත් හෙට දිනක් උදාකිරීමට මාතෘ භුමීය වෙනුවෙන් තම ජීවිත පුජා කරමින් හා අප්‍රතිහත කැපකිරීම් සිදු කල විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ගේ ජිවිත ආලෝකමත් වේවායි උතුම් ප්‍රාර්ථනාව පෙරදැරීව පහන් 28,619 ක් දල්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නව සංකල්පයකට අනුව එතුමාගේ උපදෙස් පරිදි මෙම ‘ආලෝක පූජාව’ යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ද සහයෝගීත්වය ඇතිව සංවිධානය කරනු ලැබීය. මෙම ඵෙතිහාසික හා අතිශය පූජනීය අවස්ථාවට සුවිශේෂී වටිනාකමක් එක්කරමින් අතිගරු ජනාධිපතිතුමන් ද සහභාගි විය.

මෙම අලෝක පූජාව ප්‍රධාන ජාතික රණවිරු සැමරුම් දින උත්සවයට සමගාමීව පැවැති අතර, එම ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය සෙනසුරාදා (19) දින මධ්‍යහනයේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පුෂ්පෝපහාර පුද කරමින් පවත්වනු ලැබීය.

මෙම ‘ආලෝක පූජාවේ’ දී එල්ටිටිඊ ත්‍රස්ථවාදයට එරෙහිව සිදුකරන ලද මානුෂීය මෙහෙයුමේදී දේශයට යහපත් හෙට දිනක් උදාකරමින් මාතෘ භුමීය වෙනුවෙන් තම ජීවිත පූජා කල හා අතුරුදන්වූ විරෝධාර ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ අභීත රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ගේ ජිවිත ආලෝකමත් වේවායි උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව පහන් 28,619 ක් දල්වනු ලැබීය.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන් සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ඥාතින් විශාල පිරිසක් කැලණි රජ මහා විහාරස්ථාන පරිශයේ දී පහන් ආලෝකමත් කිරීම සඳහා එක්විය. අනතුරුව, හේවිසි බෙර හඬ මධ්‍යයේ ගිලන්පස පූජා කර ආගමික වතාවත් සිදුකරනු ලැබීය.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සම්ප්‍රදායානුකුලව දැහැත් වට්ටියක් පූජා කරමින් ආගමික වතාවත් සිදුකිරීම සඳහා මහා සංඝරත්නය වෙත ආරාධනය කරනු ලැබීය. කැලණි රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ඥාතින් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

latest jordan Sneakers | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD