Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th March 2018 20:35:59 Hours

කළුතර දිස්ත්‍රික් වාර්ෂික බාලදක්‍ෂ ජම්බෝරිය සඳහා 58 වන සේනාංක භඨ පිරිස්හි සහාය

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය විසින් 582 වන බල සේනාංකය වෙත කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගියදා කළුතර, පයාගල පොතුවිල මහා විද්‍යාල භුමියේදි දින 05 ක් පුරාවට පැවති කළුතර දිස්ත්‍රික් බාලදක්‍ෂ ජම්බෝරිය සඳහා යුද්ධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණු උපදේශකවරුන්ගේ හා යුද්ධ හමුදා භඨ පිරිස් හි සහාය ලබාදෙන ලදී.

මෙම ජම්බෝරිය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ පාසල් වල බාලදක්‍ෂයින් සහ පෝතක බාලදක්‍ෂයින් 1800 කට ආසන්න පිරිසක් සහභාගි වු අතර විවිධ වු වික්‍රමාන්විත පෙරහුරු සංදර්ශන, කරණම්, ගිනි මැල සංදර්ශන ආදි විවිධ ක්‍රියාකාරකම් සඳහා කොමාන්ඩෝ රෙජිමේන්තු උපදේශකවරුන්ගේ සහයෝගය ලබාදෙන ලදි. බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ 58 වන සේනාංකය විසින් මෙම ජම්බෝරිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා සුබාශිංසන එක්කලහ.

කළුතර ප්‍රදේශයේ ස්ථාපිත 582 බල සේනාවේ බල සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එම්.එස්.පි.බි සමරකෝන් සහ එම සේනාංක භඨ පිරිස් ජම්බොරිය පවත්වන ලද ස්ථානය වෙත ගොස් අවශ්‍ය සහයෝගය ද ලබාදෙන ලදී.

Running sneakers | youth nike kd low tops orange , Nike Air Max , Iicf