Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2019 19:45:25 Hours

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්වෙයි

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (05) දින උදෑසන ගනේමුල්ලේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදී.

ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව රෙජිමේන්තු අධිපතිතුමන් සිය කාර්යාලයේ දී නව ධූරයේ රාජකාරි භාරගත්හ.

නව රෙජිමේන්තු අධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර ඉන් අනතුරුව, මෙම අවස්ථාවට සහභාගීවූ කමාන්ඩෝ සෙබළුන් ද අමතනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් හට හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නව රෙජිමේන්තු අධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

හිටපු කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා, යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, නව රෙජමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ධූරයේ රාජකාරි භාරගත්හ.

මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න, යුද්ධ හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් උපාලි රාජපක්‍ෂ, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් සෝමසිරි, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ශාමාල් සිල්වා ඇතුළු කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස ද රාජකාරි සිදුකරනු ලබයි. jordan release date | adidas poccnr jumper dress pants size