Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd March 2018 09:20:46 Hours

ඕර්ස් හිල් (Orr’s Hill) හි නවතමයෙන් ඉදිකරන ලද ළමා උද්‍යායනය විවෘත කෙරේ

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංක මුලස්ථාන භට පිරිස් විසින් ත්‍රිකුණාමලය ඕර්ස් හිල් (Orr’s Hill) හි නවතමයෙන් ඉදිකරන ලද ළමා උද්‍යායනය 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ‍ජයසේකරගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (15) දින ජනතා අයිතියට පත් කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ප්‍රජා මුලික සුභසාධන ව්‍යාපෘති අතුරින් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ‍ජෙනරාල් සන්තුසිත පනන්වලගේ මඟ පෙන්විමෙන් 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.

22 වන සේනාංකය විසින් මෙම අවස්ථාවට සමඟාමිව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් වල කුඩා දරුවන් 75 කු සඳහා ත්‍රිකුණාමලය මහජන බැංකුවේ සම්බන්ධිකරණයෙන් ඉතිරි කිරිමේ ගිණුම් පාස් පොත් බෙදා දිමක් ද සිදුකරන ලද අතර ළමා උද්‍යානයක් ඉදිකිරිම සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරු භවතුන් විසින් යුද්ධ හමුදාව වෙත සිය කෘතවේදිත්වය පල කලහ.

මෙම අවස්ථාව සඳහා 222 බලසේනාංකයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දීපාල් පුස්සැල්ල, 224 බලසේනාංකයේ බලසේනාධිපති කර්නල් පී එදිරිවීර, ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ලේකම් ජේ.එස් අරුල්රාජ් මහතා, ත්‍රිකුණාමලය මහජන බැංකුවේ සහකාර කළමණාකරු එන්. ජයවෙල්වන් මහතා, අණදෙන නිලධාරින්, නිලධාරින්, ගුරු භවතුන්, දෙමාපියන්, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසින් රැසක් ද එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Nike Shoes