Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st March 2018 20:18:44 Hours

ඒකාබද්ධ යුද්ධ හමුදා කණ්ඩායමක් විසින් ඇති වූ ලැව්ගින්න මැඩපවත්වයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනාව යටතේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 5 වන ගැමුණු හේවා බලකායේ 75 කට වැඩි භට පිරිසක් එක්ව බදාදා (19) දින රාත්‍රියේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අණපල්ලාගම ප්‍රදේශයේ කුරුමිණියාගල කන්දේ ඇති වූ ලැව්ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

මෙම ලැව්ගින්න පිළිබඳ පුවත සැල වූ සැණින් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ සහ 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් කොස්වත්ත ගේ මඟපෙන්වීම යටතේ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 5 වන ගැමුණු හේවා බලකායේ නිලධාරීන් ඇතුළු 75 කට වැඩි භට පිරිසක් එම ස්ථානයට ළඟා වී යුහුසුළුව ක්‍රියාත්මකව ගින්න ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

එනමුත්, බ්‍රහස්පතින්දා (01) දින උදෑසන වන තෙක්ම ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදාව ක්‍රියාකළහ. මෙම ගින්න හේතුවෙන් අක්කර 400 කට අධික බිම් ප්‍රමාණයක් විනාශයට පත්වී ඇති අතර සිවිල් දේපලවලට හෝ පොදු ගොඩනැගිලිවලට කිසිදු හානියක් සිදු වී නොමැත.

Sports brands | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ