Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2019 15:41:23 Hours

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපතිතුමා සමඟ සුහද හමුවක්

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය (Ms Hanaa Singer) හා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් කොළඹ යුද්ධ හමුදා මුලස්ථානයේ දී බදාදා (9) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූහ.

මෙම හමුව අතරතුරදී එතුමිය, ශ්‍රි ලංකාව තුළ සිය කාර්යාලයේ රාජකාරීන් පිලිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් හට කෙටි විස්තරයක් ඉදිරිපත් කළ අතර එම කාර්යාලයෙන් සිදු කිරිමට අපේක්‍ෂිත මානුෂිය සේවාවන් සඳහා යුද්ධ හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සිය කැමැත්ත පල කළාය.

පැවති සුහද සාකච්ඡාව අවසානයේදි, ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නේවාසික එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වෙත සුහදත්වය සහ අවබෝධතාවය වර්ධනය කිරිම වෙනුවෙන් සමරු තිළිණයක්ද පිරිනමනු ලැබීය.

තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදේශ කටයුතු මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒ.ඒල්.පි.එස් තිලකරත්න ද මෙම අවස්ථාවට සහභාගි විය.Adidas shoes | Air Jordan