Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2019 13:35:02 Hours

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදී දිවිපිදු රණවිරුවාගේ නිවස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අලුත්වැඩියා කරදෙයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ උපදෙස් මත මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නියුතුව සිටියදී දිවිපිදු සැරයන් එස්.එස් විජයකුමාර ජිවත්ව සිටි පොල්පිතිගම ප්‍රදේශයේ අර්ධ වශයෙන් නිමකරවා තිබු නිවස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ රණසේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදී ඇත.

දිවිපිදු සැරයන් එස්.එස් විජයකුමාර ගේ තෙමස් පූර්ණ අනුස්මරණ පිංකම සැමරීමට සති කිහිපයකට පෙරාතුව සිය දියණියන් දෙදෙනා සමඟ වැන්දඹු බිරිඳ ජිවත්වූ අර්ධ වශයෙන් නිමකරන ලද නිවස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලදි.

දිවිපිදු සැරයන්ගේ අලුත්වැඩියා කරන ලද නිවස පවුලේ සාමාජිකයින් වෙත භාරදීමේ අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සමඟින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක එස්.ජේ ප්‍රියදර්ශන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අලුත්වැඩියා කරන ලද නිවසේ යතුර සංකේතාත්මකව දිවිපිදු සැරයන්ගේ බිරිඳ වෙත භාරදීමෙන් අනතුරුව බිරිඳ විසින් පීත්ත පටිය කපා පවුලේ සාමාජිකයින් සමඟ අලුත්වැඩියා කරන ලද නිවස තුලට පැමිණියහ. url clone | Nike, adidas, Converse & More