Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th May 2018 16:43:39 Hours

එක්සත් ජනපද කෙඩෙට් නිලධාරීන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජයග්‍රහණයන් පිළිබඳව දැනුවත් වේ

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජනපද හමුදාවේ කෙඩෙට් නිලධාරින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (24) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධ්‍යයන චාරිකාවක නිරතවිය.

මෙම සංචාරයේදී, එම කෙඩෙට් නිලධාරි කණ්ඩයාම ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඓතිහාසික සාධක පිළිබඳ අවබෝධය සහ අතීත අත්දැකීම්, සටන් බිමෙහි ලද ජයග්‍රහණ, බෙදුම්වාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට යොදාගත් මුලික යුධෝපායන්, නැවත පදිංචි කිරීම හා ත්‍රස්තවාදය පරාජය කිරිම සඳහා පාබල හමුදාවේ දායකත්වය වැනි කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගන්නා ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් අනුර දිසානායක විසින් මෙම එක්සත් ජනපද කෙඩෙට් නිලධාරි කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් ගොඩනගන ලද ‘අභිමන් මුදුනට’ ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු ස්මාරකය ප්‍රථමයෙන්ම නැරඹුහ.

මෙම කෙඩෙට් නිලධාරින් පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අනෙකුත් රෙජිමේන්තු වල මවු රෙජිමේන්තුව වන්නාවු ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඓතිහාසික ගමන සැබැදි ඉදිරිපත් කිරීමට සහභාගිවීමට ප්‍රථමයෙන් එහි අභීත ඉතිහාසය පිළිඹීබු කරනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා කෞතුකාගාරය නැරඹීමට ද එක්විය.

අධ්‍යයන චාරිකාවක් සඳහා සහභාගිවු එක්සත් ජනපද කෙඩෙට් නිලධාරින් සඳහා ඉදිරිපත් රිම සිදුකිරිමට කර්නල් එම්.ජි.ඒ එන්.බී මහතුවක්කාර, කර්නල් එස්.ඩී උදයසේන, ලුතිතන් කර්නල් ජි.ඒ.ඩි.කේ.ජි ගනේගොඩ, ලුතිතන් කර්නල් ඩබ්ලිව්.කේ.එස්.පී.එම්.ආර්.ඒ.බී දොඩම්වල, මේජර් එච්.එන්.එම්.බී ගුණරත්න, මේජර් එම්.ඒ.ඒ.පී පෙරේරා සහ මේජර් එච්.ඒ.ජේ ආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත නිලධාරි මඩුල්ලක් සහභාගි වුහ.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට ප්‍රථම මෙම එක්සත් ජනපද කෙඩෙට් නිලධාරින් පිරිස නිලධාරි නිවස්නයේ දී දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද සහභාගි විය.

url clone | Jordan Shoes Sale UK