Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2019 08:09:57 Hours

ඉන්දු - ශ්‍රී ලංකා ‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය සාර්ථකව නිමාවට

‘මිත්‍ර ශක්ති’ ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ සමාප්ති උත්සවය දියතලාව 1 වන ගැමුණු හේවා බලඇණි පරිශ්‍රයේදී පසුගිය සඳුදා (8) වන දින පැවැත්විණි.

එහිදි ඉන්දියානු යුද්ධ හමුදා නිලධාරීන් 11 දෙනෙකුන් සහ සෙසු නිලයින් 109 දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 10 දෙනෙකුන් සහ සෙසු නිලයින් 110 දෙනෙකුගෙන් සමන්විත සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ඉන්දියානු යුද්ධ හමුදා නියෝජිත පිරිසේ අණදෙන නිලධාරී කර්නල් පර්තසාර්තෙයි රෝයි (Colonel Parthasarathy Roy) හට පිරිනැමීය.

ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරී හැකියාවන් පුළුල් කිරීම සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 7 වන වරටත් මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්විණි. මෙම ඒකාබද්ධ පුහුණූ අභ්‍යාසය 2019 මාර්තු මස 25 වන දින ආරම්භ කෙරිණි.

යුද අභ්‍යාසය අවසානයේ දියතලාව Touch සිනමා ශාලාවේ පැවැති සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.ඒ.ඩී.ඒ.ඩී. ගුණවර්ධන සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ උපදෙස් සහ මඟපෙන්වීම් මත මෙම පුහුණු අභ්‍යාසය ක්‍රියාත්මක කරන ලදී. Nike air jordan Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov