Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2017 18:37:59 Hours

ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවේ

ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් පිවිඑස්එම් ඒවිඑස්එම් එස්එම් විඑස්එම් ඒඩිසි බ්‍රහස්පතින්දා දින (17) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණි ඉන්දිය දක්ෂිණ යුද්ධ හමුදාධිපතිතුමා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර විසින් හරසරින් පිළිගනු ලැබීය.

මෙම ද්වීපාර්ශීක හමුවේදී, හමුදාධිපතිවරුන් දෙදෙනා විසින් දෙරට හමුදා පුහුණු සම්බන්ධතා තවදුරටත් වැඩි කිරීමේ හැකියාවන් පිලිබඳව සාකච්ඡා කලහ. ඉන්දිය හමුදා සාමාජිකයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ, විශේෂ බලකා සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, යුද්ධ හමුදා පුහුණු පාසල් වැනි හමුදා පුහුණු ආයතන වෙත වැඩි වශයෙන් පුහුණුවිම් සඳහා යොමු කිරීමට ද මෙහිදි ඉන්දිය හමුදාධිපතිවරයා පොරොන්දු විය.

මීට වසර කිහිපයකට පෙර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල බලසේනාව පිහිටුවිමෙහීලා ඉන්දියානු යාන්ත්‍රික පාබල බලසේනා ලබාදුන් දායකත්වය පිලිබඳව ද මෙහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉන්දියානු යුද්ධ හමුදාධිපතිවරයාට සිහිපත් කළහ. එසේම, ඉන්දියාවේ හමුදා පුහුණුවිම් ආභාෂය නොලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් නොමැති තරම් බවත් සඳහන් කලේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මධ්‍ය නිලයන් හී නිලධාරින්ට ඉන්දියාවේ වැඩි වශයෙන් පුහුණු අවස්ථා ලබාදිම පිළිබඳව ද මෙම හමුවේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානාක ඉන්දියානු යුද්ධ හමුදාධිපතිවරයාට සිය කෘතඥතාවය පුද කළහ.

සුහද සාකච්ඡාව අවසානයේ දී, ඉන්දිය හමුදා ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් සහ ඔහු සමඟ පැමිණි ඉන්දිය දක්ෂිණ අණ මුලස්ථානයේ මේජර් ජෙනරාල් වි.කේ. සින්ග් විඑස්එම් එම්ජිජිඑස් (ක්‍රියාන්විත) සහ දක්ෂිණ හමුදාවේ යුද්ධ හමුදාධිපති අධි සහායක කර්නල් එස්. කවුශාල් වෙත සමරුම් තිලිණ ප්‍රදානයක් ද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානාක විසින් සිදු කරන ලදී. අනතුරුව, විශේෂ අමුත්තන් ගේ පොතෙහි සැමරුම් සටහනක් තැබීමට ද යුද්ධ හමුදාධිපතිවරයා විසින් සංචාරක ඉන්දිය යුද්ධ හමුදාපතිවරයාට ආරාධනා කළහ.

අනතුරුව, බත්තරමුල්ල ඉදිකර ඇති ඉන්දිය සාම සාධක හමුදා ස්මාරකය වෙත පැමිණි ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් ඇතුළු දුත පිරිස එහිදි දිවි පිදු ඉන්දිය හමුදා විරුවන් වෙත ආචාර සමාචාර ගෞරව පුද කළහ. සංචාරක ඉන්දිය හමුදා නිලධාරින් සමඟ පැමිණි ඔවුන්ගේ භාර්යාවන්ට ද කොළඹ සහ අවට සංචාරක වැදගත් ස්ථාන නැරඹීමේ අවස්ථාවක් ද යුද්ධ හමුදාව විසින් සංවිධානය කර තිබුණි.

ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් සහ එම භාර්යාව සරිනා හරිස් මහත්මිය ද, මේජර් ජෙනරාල් වි.කේ. සිංහ් සහ එම භාර්යාව මෝනා සිංහ් මහත්මිය ද, දක්ෂිණ යුද්ධ හමුදාධිපති අධි සහයක කර්නල් කවුශාල් සහ එම භාර්යාව ජොයිස්නා කවුශාල් මහත්මිය ද මෙම පිරිසට අයත් වු අතර, ඔවුන්ගේ සිව් දින ශ්‍රී ලංකා සංචාරයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නැගෙනහිර නාවික ආඥාපති, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා ද හමුවීමට ඔවුන් නියමිතව ඇත.

ඉන්දිය යුද්ධ හමුදා දක්ෂිණ හමුදාධිපති පි.එම්. හරිස් පිවිඑස්එම් ඒවිඑස්එම් එස්එම් විඑස්එම් ඒඩිසි වර්ෂ 2016 සැප්තැම්බර් මස 01 වන දින එම ධුරයට පත්වු අතර, ඊට ප්‍රථම ඔහු ශිම්ලා යුද්ධ හමුදා ප්‍රධාන පුහුණු ආඥා සේනාධිපතිවරයා විය. කේරලයේ කොසිකොඩි ප්‍රදේශයේ උපත ලැබු ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් තමිල්නාඩු අමරවතිනගර් හි සයිනික් පාසලෙන් අධ්‍යාපනය ලැබීය. ඔහු පුනෙ හී ඉන්දිය ජාතික ආරක්ෂක ඇකඩමියේ ආදී සිසුවෙකු වේ. වර්ෂ 1987 දී ඉන්දියාවේ දෙහෙරාදුන් යුද්ධ හමුදා ඇකඩමියේ මුලික පුහුණුව හැදැරිමෙන් අනතුරුව, අධිකාරියට පත්ව ඉන්දිය යාන්ත්‍රික පාබල බලඇණියක් වු 16 වැනි මහර් බළඇණියට අනුයුක්තව යුද්ධ හමුදා සේවය ඇරඹු ඔහු අනතුරුව, 19 වන යාන්ත්‍රික පාබල බලඇණියේ (නිරික්ෂණ සහ ආධාරක) අණදෙන නිලධාරියා විය.

ඉන්දිය යුද්ධ හමුදා සියළු අනිවාර්ය පාඨමාලාවන් හදාරා ඇති ඔහු එංගලන්තයේ කේම්බර්ලි හී ගෞරවනිය මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලාව, මාඕ හී ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලව සහ නවදිල්ලි ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලීය පාඨමාලාවන් ද හදාරා ඇත. ගෞරවණීය අණ හා මාණ්ඩලික තනතුරු හොබවා කෘතහස්ත සේවා අත්දැකිම් පිරිපුන් ඔහු හමුදා අධීක්ෂක, ඇන්ගෝලා හී ප්‍රදේශ අණදෙන නිලධාරි සහ පුද්ගලික කාර්යාල ප්‍රධානී වශයෙන් ද එක්සත් ජාතින්ගේ සංවිධානයේ කීර්තිමත් තනතුරු රාජකාරි කටයුතු ද ඉටු කොට ඇත.

ඔහු පාබල හමුදා පාසලේ හී සහ කීර්තිමත් වෙලින්ටන් ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශකයකු වශයෙන් ද රාජකාරි කටයුතු ඉටුකොට ඇත. හමුදා ඒකක බලඇණි, බලසේනා, සේනාංක සහ උප ප්‍රදේශ ආඥාපතිවරයකු වශයෙන් අණදෙන නිලධාරි තනතුර හි ද දිල්ලි යුද්ධ හමුදා එකාබද්ධ මුලස්ථානයේ මාණ්ඩලික තනතුරු ද ඔහු විසින් හොබවා ඇත. ශ්‍රී ලංකා සංචාරක ඉන්දිය දක්ෂිණ යුද්ධ හමුදාධිපතිවරයා, පරම විශිෂ්ඨ සේවා පදක්කම (PVSM), අති විශිෂ්ඨ සේවා පදක්කම (AVSM), සේනා පදක්කම (SM) සහ විශීෂ්ඨ සේවා පදක්කමෙන් ද සම්මාන ලැබ ඇත.

jordan release date | Nike sneakers