Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th June 2018 13:54:19 Hours

ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි (USPACOM) නියෝජ්‍ය අධ්‍යක්ෂක සාමසාධක මෙහෙයුම් පිළිබඳ අවධානය යොමු කරයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි (USPACOM) තවත් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (14) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වී එක්සත් ජාතීන්ගේ ඉදිරි සාම සාධක කටයුතු සහ අදාළ ප්‍රදේශයන්හි ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා කරන ලදි.

යුද්ධ හමුදා බිම් බෝම්බ ඉවත් කරන්නන් සහ එහි ප්‍රධාන පාර්ශවකරුවන් වන අනෙකුත් පුද්ගලික අංශයේ බිම් බෝම්බ ඉවත් කරන්නන්ගේ ද යුහසුළු ක්‍රියාකාරිත්වය හේතුවෙන් 2020 වන විට බිම් බෝම්බවලින් තොර රටක් කිරීම සඳහා ශ්‍රී ලංකාව සිඝ්‍රයෙන් ළඟා වන හෙයින්, ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි උපාය මාර්ගික සැලසුම්කරණ සහ ප්‍රතිපත්ති නියෝජ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්ක් ඩබ්ලිව්. ගිලට් (Brigadier General Mark W. Gillette) සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුලු නියෝජිතයින් සිව් දෙනෙකු යුද්ධ හමුදාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී කලාපීය බිම් බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඔවුන්ගේ සහාය පළ කළහ.

ඉහළම වෘත්තීයමයභාවය සඳහා සියලු සම්පත් හා විභවයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු බැවින් ‘ආරක්ෂක සහයෝගීතාවය - අනාගත මැදිහත්වීම’ යන තේමාව යටතේ යුද හමුදාවේ පුහුණු අංශයන් සඳහා ඉදිරියේදීත් සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවට එම නියෝජිතයින් මෙහිදි සහතික විය.

මෙම සුහඳ හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමා විසින් එම නියෝජිත පිරිසේ ප්‍රධානි බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්ක් ඩබ්ලිව්. ගිලට් වෙත සමරු තිළිණයක් ද පිරිනැමූහ.

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න ද හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා එක්ව සිටියහ.

Nike sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf