Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th May 2017 14:04:25 Hours

ඇඟළුම් කර්මාන්තය පිළිබඳ පුහුණු ආයතනයක් මුලතිව් ප්‍රදේශයට

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සහ ග්ලෝබල් ඩිසයින් ටෙක්ස් පුද්ගලික ආයතනය එක්ව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර, ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් අතුරින් සුදුසු තරුණ තරුණියන් 35 දෙනෙකු එහි පුහුණුව සඳහා තෝරාගනු ලැබීය.

එම තෝරාගත් තරුණ තරුණියන් කණ්ඩායම සඳහා 2017 මැයි මස 18 දින ඇඳුම් මැසීම පිළිබඳ පුහුණුව ආරම්භ කරන ලද අතර, එම ආරම්භක අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවති කේතිස්වරි මහත්මිය, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, මැරිටයින්පත්තු ප්‍රාදේශීය ලේකම් ගුණබාලන් මහතා, ග්ලෝබල් ඩිසයින් ටෙක්ස් ආයතනයේ සම අධ්‍යක්ෂිකා මහේෂිකා කුලරත්න මහත්මිය, ග්ලෝබල් ඩිසයින් ටෙක්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සම්පත් මදුරසිංහ මහතා ද එක්ව සිටියහ.

මෙම පුහුණු කාලය තුල දී පුහුණුලාභීන් හට රුපියල් 14,000/= ක වැටුපක් සමඟ ආහාර සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙනු ලබයි. එමෙන්ම ග්ලෝබල් ඩිසයින් ටෙක්ස් ආයතනය මඟින් නුඳුරේ දී තවත් මේ ආශ්‍රිතව රැකියා අවස්ථා 300 ක් පමණ ලබාදීමට සැලසුම් කර ඇත.

Authentic Nike Sneakers | Marki