Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2018 23:42:47 Hours

ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් නායකත්ව පුහුණුවක්

‘න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය’ යන තේමාව යටතේ ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ නව ආයුර්වේද වෛද්‍යවරුන් 640 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව සංවර්ධනය පිළිබඳ’ සයදින නේවාසික පුහුණු වැඩසටහනක් යුද්ධ හමුදා පුහුණු පාසල් පහක, සඳුදා (08) දින උදෑසන සිටආරම්භ විය.

ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේහිලා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව විසින් ලබාදෙනු ලබන තවත් එක් දායකත්වයක් ලෙස දියතලාව, කලත්තෑව, මින්නේරිය, ඇඹිලිපිටිය සහ බූවැලිකඩ යන යුද්ධ හමුදා පුහුණු පාසල් වලදි මෙම පුහුණු වැඩසටහන් ආරම්භ කරන ලදි.

දින හයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී නායකත්ව කුසලතා හා ගුණාංග ප්‍රවර්ධනය, වෘත්තීය කුසලතා වර්ධනය, ජිවිතයේ අභියෝග ජය ගන්නා ආකාරය, නිවැරදි සමාජ අපේක්ෂාවන්, වෘත්තීය මාර්ගෝපදේශනය සහ මානසික සමතුලිතතාවය යන මූලික කරුණු පිළිබඳ අවධානයක් යොමු කරනු ඇත.

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යංශය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම නායකත්ව පුහුණු වැඩසටහන් සංවිධානය කරන ලෙස යුද්ධ හමුදා මුලස්ථාන පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් වෙත උපදෙස් ලබාදී තිබුණි. ඒ අනුව,දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල, මින්නේරිය පාබල පුහුණු පාසල, අම්පාර සටන් පුහුණු පාසල, දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල, කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, කලත්තෑව සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය, පනාගොඩ, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, මින්නේරිය කාලතුවක්කු පාසල, ඇඹිලිපිටිය ඉංජිනේරු පාසල, බුවැලිකඩ සංඥා පාසල, අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා පුහුණු පාසල, කුට්ටිගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසල, පුත්තලම විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසල, මැදවච්චිය 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, දෙහිඅත්තකණ්ඩිය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු පාසල යන ස්ථානයන්හි මෙම නායකත්ව වැඩසටහන් දැන් ක්‍රියාත්මක වේ.

යුද්ධ හමුදාවෙන් 1/3 ක පිරිසක් ජාතිය ගොඩනැඟිමේ මෙහෙවරෙහි නිරතව හැකි උපරිම අයුරින් සිවිල් පරිපාලනයට සහයෝගය ලබාදිය යුතු බවට වූ යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයට සමගාමීව මෙමපුහුණු වැඩමුළු ක්‍රියාත්මක කෙරේ.

යුද්ධ හමුදා උපදේශකයින් විසින් 2018 ජනවාරි මස 12දක්වා මේ අනුව මෙම වැඩසටහන්හි දේශන පැවැත්වීමට නියමිතව ඇත.

මෙසේ යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන පහක පැවැති පුහුණු වැඩසටහන්හි සමාරම්භක උත්සව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සහභාගි වුහ.

මීට සති කිහිපයකට පෙර සමෘද්ධි නිලධාරින් වෙනුවෙන් ද මෙවැනිම පුහුණු ව්‍යාපෘතියක් යුද්ධ හමුදාව විසින් සාර්ථකව නිම කළ අතර, පොළොන්නරුවේ දී අතිගරු ජනාධිපතිතුමන් ද පැමිණ ඔවුන්ට සුභ පැතුම් එක් කළහ.

best Running shoes | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD