Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th November 2018 08:10:17 Hours

ආපදා තත්ත්වය වළක්වාගැනීම සඳහා වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සිවිල් වැසියන්ගේ සහාය ඇතිව නැඳුන්කේනී වැවේ වැව් බැම්මේ ඇතිවූ ජල කාන්දුව වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය. එමෙන්ම, පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරිණීපාත වර්ෂාපතනය හේතුවෙන් කරුම්පුලියානකුලම් වැවේ ජල මට්ටම ඉහලගොස් වැව් බැම්මේ පාංශූ කාදනයවීම වළක්වාලීම සඳහා සෙනසුරාදා (10) දින පස්වරුවේ යුද්ධ හමුදා සාමාජිකයින් කටයුතු කරනු ලැබීය.

කරුම්පුලියානකුලම් - මාන්තෙයි නැගෙනහිර සිවිල් වැසියන් ස්වේච්ඡාවෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව ධාරාණීපාත වර්ෂාව හේතුවෙන් බිඳිගිය වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කරන ලදි.

61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ තිලකරත්න ගේ අධික්ෂණය යටතේ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 3 ක් ඇතුලු භටපිරිස් සහ 612 වන බලසේනාවේ භටපිරිස්, එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 20 කට වැඩි පිරිසක් සමඟ එක්ව මෙම වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලැබීය.

තවද, 61 වන සේනාංකයේ සේනාංකාධිපති කර්නල් කේ.එල්.එස්.එස් ලියනගම සහ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් අයි.ජේ වික්‍රමසිංහ ගේ පූර්ණ අධික්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු හි නිරත වාරිමාර්ග ඉංජිනේරු මල්ලාවි ගේ උපදේශකත්වය ඇතිව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.

පාංශු ඛාදනය හේතුවෙන් වැව් බැම්ම ආරක්ෂා කර ගැනීම සඳහා ජලය කාන්දුවීම නතර කිරීමටත් ජලය ගලායාම අවම කිරීමටත් භට පිරිස් විසින් අප්‍රතිහත උත්සයක් ගනු ලැබීය.

මුලතිව් දිස්ත්‍රික් වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුලු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු මෙම ප්‍රදේශයේ සංචාරය කරමින් යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් සිදුකරන ලද මෙම ව්‍යාපෘතිය ඉමහත් ලෙස අගය කිරීමට ලක් කළහ. best Running shoes brand | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival