Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2017 10:46:26 Hours

ආධ්‍යත්මික ජෛවගතික හෙළ ගොවිකම් කෘෂිකර්ම පාඨමාලාව හැදැරුවන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරේ

කන්දකාඩු හී පිහිටි යුද හමුදා ගොවිපොළ විසින් පවත්වන ලද ආධ්‍යාත්මික ජෛවගතික හෙළ ගොවිකම් කෘෂිකර්ම (Spiritual Bio-dynamic Traditional Agriculture) පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය අඟහරුවාදා (04) දින සාලියවැව, කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

මෙම පාඨමාලව යුද හමුදාපතිගේ මඟපෙන්විම යටතේ ද මේ වනවිට ක්‍රියාත්මක ‘තිරසර’ සංවර්ධන වැඩසටහනට සමගාමීව ද පැවැත් වු අතර ඒ සඳහා 28 දෙනෙකු සහභාගි වුහ.

සාර්ථකව පාඨමාලාව නිම කළ පුහුණු ලාභින් වෙත සහතිකපත් ප්‍රදානය කිරිම යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බි.පි හත්නාගොඩ විසින් සිදු කළ අතර, මෙම අවස්ථාව සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්ව සිටියහ.

Running Sneakers Store | Klær Nike