Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2018 19:59:05 Hours

අභිමන්සල -III හී නේවාසික ආබාධිත රණවිරුවන් භාවනා වැඩසටහනක

පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථානගත අභිමන්සල -III හී නේවාසිකව ප්‍රතිකාර ලබන යුද්ධ හමුදා නිලධාරින් 7 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 96 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ මානසික සුවතාවය සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට එක්දින භාවනා වැඩසටහනක් අඟහරුවාදා (18) දින පැවැත්විණි.

යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් පවත්වනු ලැබු මෙම භාවනා වැඩසටහන පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. Nike air jordan Sneakers | UOMO, SCARPE