Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් සේනාංක පාපන්දු තරගාවලියේ ශූරතාවය 22 වන සේනාංකයට

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-E) විසින් ත්‍රිකුණාමලය 22 ‍වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාගණයේදී පවත්වන ලද අන්තර් සේනාංක පාපන්දු තරගාවලිය - 2017 හි අවසන් තරඟයේදී 22 වන සේනාංක පාපන්දු කණ්ඩායම ගෝල 1-0 ලෙස, 23 වන සේනාංක පාපන්දු කණ්ඩායම පරදවා ශූරතාවය දිනා ගත්හ.

තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණශිලීව ක්‍රීඩා කරමින් උරෙන් උර ගැටෙමින් ගෝල ලබාගැනීමට වෙර දැරූහ. ප්‍රතිවාදීන්ගේ උත්සහා සියල්ල පරාජය කරමින් දෙවැනි අර්ධයේදී 22 වන සේනාංකය ගෝලයක් ලබාගන්නා ලදි.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ සහ 221 වන බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල් ගේ මඟපෙන්වීම මත 22 වන සේනාංකය විසින් ‍මෙම පාපන්දු තරඟාවලිය සංවිධානය කරන ලදි.

මෙම තරඟාවලියේ මූලික වටයේ තරඟ 2017 දෙසැම්බර් මස 24 - 27 දක්වා දිනයන්හි පවත්වන ලද අතර, ඒ සඳහා 22, 23, 24 යන සේනාංක මූලස්ථාන සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසට අයත් පාපන්දු කණ්ඩායම් තරඟ වදින ලදී.

අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි වූ අතර, ශූරතාවය දිනාගත් කණ්ඩායමට කුසළාන සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ඔහු විසින් සිදු කරන ලදි.

අනුශුරතාව දිනාගත් කණ්ඩායමට සහතික පත් ප්‍රදානය කිරීම 22 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් සිදු කරනු ලැබීය.

පූජ්‍ය ආචාර්ය පෝල් රොබින්සන් පියතුමා, පූජ්‍ය බි. ජෙයබාලන් පියතුමා, ආරාධිත අමුත්තන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් සහ පාපන්දු ක්‍රීඩා ලෝලීන් රැසක් තරඟය නැරඹීම සඳහා එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Archives des Sneakers