Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th November 2018 00:00:10 Hours

අක්‍ෂි සායනයක් සඳහා 582 වන බලසේනාවේ භට පිරිස්හි සහාය

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 582 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් ඉංගිරිය ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා අක්‍ෂි සායනයක් ඉරිදා (11) දින පවත්වනු ලැබීය.

මෙම වෛද්‍ය සායනය ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති අතර ඒ සඳහා සිවිල් වැසියන් 150 කට අධික පිරිසක් සහභාගි වූහ.

ඇල්විටිගල සිංහ සමාජයේ සහයෝගය ඇතිව යුද්ධ හමුදාව විසින් මෙම අක්‍ෂි සායනය සංවිධානය කරනු ලැබීය.

මේ සඳහා 582 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.එම්.එස්.පි.බි. සමරකොන් ඇතුළු එම බලසේනාවේ භට පිරිස් සහභාගි වූහ. trace affiliate link | Nike Shoes, Sneakers & Accessories