2019-08-17 07:55:42
විශේෂ බලකා රෙජිමේන්තු දිවයිනේ ස්වෛරීත්ය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිදු කරන ලද අභිත මෙහෙවර වෙනුවෙන් ජනාධිපති ‘රණ පරශුව’ සම්මානය සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ සම්මානය ප්රදානය කිරීම සිකුරාදා (16) දින නාඋල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ද සහභාගීවිය.
2019-08-10 12:21:22
ශ්‍රී ලංකා - රුසියානු හමුදාවන් අතර පවත්නා ද්වීපාර්ශ්වික හමුදාමය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය වෙත කරනු ලැබූ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අගෝස්තු මස 3 සිට 5 දින දක්වා රුසියාව තුල තෙදින සංචාරයක නිරත විය.
2019-08-09 13:06:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බිෂොප් විද්‍යාල ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබීය.
2019-08-07 18:18:14
වසර 23 ක ඉතිහාසයකට උරුමකම් ඇති වවුනියාව ප්‍රදේශයේ ස්ථානගත 3 වන විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කරන ලද නවීන දේශන ශාලාව, දිගුදුර මෙහෙයුම් කෞතුකාගාරය, නවීන පන්නයේ පුහුණුවීම් සඳහා යොදාගත හැකි පන්ති කාමරයක් ඇතුලත් සමාකෘති ගොඩනැගිල්ල සහ භූගත වෙඩිපිටිය ඇතුලත් කුසලතා වර්ධන පුහුණු සංකීර්ණය ඉකුත් අඟහරුවාදා (07) දින උදෑසන සුභ මොහොතින් විවෘත කරනු ලැබීය.
2019-08-01 18:11:18
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපතිතුමන් ලෙස නවතමයෙන් පත් වූ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් එම ධූරයට පත්වීමෙන් අනතුරුව සිය පළමු නිල සංචාරය ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි අතර එහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.
2019-07-31 18:19:05
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව, වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් කටයුතු සඳහා කොළඹට පැමිණෙන සෙසුනිලයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අවම මිලකට නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් කොළඹ යුද්ධ හමුදා රෝහල ආසන්නයේ පිහිටි මැනිං ටවුන් යුද්ධ හමුදා නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය කරන ලද අංගසම්පූර්ණ නිවාඩු නිකේතන දෙකක් අද (31) දින උදෑසන විවෘත කරනු ලැබීය.
2019-07-30 11:53:05
වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය, මහනුවර විදී ආලෝකමත් කරමින් දින කිහිපයක් පූරා විදී සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සම්ප්‍රදායිකව අඛණ්ඩව සිදුකරනු ලබන චාරිත්‍රයේ තවත් පියවරක් වශයෙන් 05 වන වරටත් වියළි පොල් (කොප්පරා) ටොන් 05 ක් ඉකුත් සඳුදා (29) දින උදෑසන පූජා කරනු ලැබීය.
2019-07-27 07:43:22
වසර 5000 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ‘අංගම්පොර’ ආදීවාසී ශ්‍රී ලාංකීක සටන් කලාව අඛණ්ඩව පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය පුරාවෘත්තය පිළිබඳ දැනුම හා දක්ෂතාවය ලබාදෙමින්, එහි තවත් සුවිශේෂි පියවරක් ඉදිරියට තබමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට යාබදව පිහිටි ඉරානමඩු වැව් බැම්ම අසල....
2019-07-26 14:55:04
දිවයිනේ අලෙවිකරණ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සහ විධායකයින්ගේ සහභාගිත්වයෙන් අද (26) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) වාර්ෂික ‘IGNITE – 2020’ ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ආරාධනා කරන ලදී. ‘ජාතික ආරක්ෂාව සම්බන්ධව ආර්ථිකයේ භූමිකාව’ සහ ‘අපේ ජාතික ආරක්ෂාව අඩපණවීමට හේතු සාධක කවරේද’ මෙන්ම ‘අපේ අනාගතය සුරක්ෂිත කරන්නේ කෙසේද’ යන කාලීන මාතෘකා පිළිබඳ අවධානය යොමුකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදි ප්‍රධාන දේශණය සිදු කරන ලදී.
2019-07-25 15:32:10
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් රණක්ෂිතයට පත්ව දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන් 129 දෙනෙකුට ඵෙතිහාසික කතරගම පූජාභූමිය වැදපුදා ගැනීමට අවස්ථාව උදාකරදෙමින්, ඔවුන්ට ජූලි මස 23 සිට 25 දින දක්වා කාලසීමාව තුළ කතරගම වන්දනා චාරිකාවක නිරතවීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන ලදී.