2019-12-27 16:07:04
යුද හමුදා රෙජිමේන්තු එකොළහක් නියෝජනය කරමින් විවිධ හැකියාවන්ගෙන් යුත් 700 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රදර්ශනය කරන 22 වන යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල අද (27) දින සුගාත දාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කරනු ලැබීය. පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සභාගී වූහ.
2019-12-24 22:02:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියළුම නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !
2019-12-23 09:20:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වන සංරක්ෂණ හා රට අලංකාරවත් කිරීම සඳහා වූ ජාතික මෙහෙවරට තවත් එක් පියවරක් එක් කරමින්, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පැළ රෝපණ, නාගරික වනාන්තර, හරිත මාර්ග, හරිත ආවර්ණ සහ කෘෂි වනවගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා වන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට සමගාමීව...
2019-12-21 17:00:27
දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ඉතිහාසයට අමරණීය මතකයක් එක් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරධනයකට අනුව, සෙනසුරාදා (21) දින පැවැති කෙඩෙට් නිලධාරීන් 321 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගි විය.
2019-12-19 15:44:23
දිවයිනේ සිව්දින සුහද සංචාරයක නිරත ඉන්දීය නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං පීවීඑස්එම් ඒවීඑස්එම් ඒඩීසී (Admiral Karambir Singh PVSM, AVSM, ADC) අද (19) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද පිළිසඳරක නිරතවිය.
2019-12-17 11:56:46
රටේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිම සඳහා සිය දිවි පරදුවට තබා සටන් වැද දැනට අත් පා අහිමිව ආබාධිත තත්ත්වයේ පසුවෙමින් මිහිදු සෙත්මැඳුර, අභිමංසල 1 , 2, 3 , රාගම රණවිරු සෙවන සහ රෙජිමේන්තු මුලස්ථාන බලඇණි තුල නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන් 330 දෙනෙකු සඳහා ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ ඒකාකාරි බවින් මිදිම අරමුණු කරගනිමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ...
2019-12-13 21:01:43
පසුගියදා නිමාවට පත්වූ දකුණු ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය - 2019 හී පදක්කම් දිනාගත් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පෙර නොවූ විරූ අයුරින් ඇගයූමට හා ගෞරවයට ලක්කරමින්, අද (13) දින උදෑසන නව යුද්ධ හමුදා මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගෙන වර්ණවත් පෙරහැරකින් යුද්ධ හමුදා මුලස්ථානය වෙත රැගෙන යන ලදී. නව යුද්ධ හමුදා මුලස්ථාන සංකීර්ණයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමක් මෙවැනි වූ උණුසුම් පිළිගැනීමක් සිදුකල පළමු අවස්ථාව ද මෙය වේ.
2019-12-12 23:39:44
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (12) දින උදෑසන යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකළ අතර එහිදී, එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සියගණනක් ආරක්ෂක ලේකම් තුමා වෙත සිය ඉහළම ගෞරවාචාරය පිරීනැමීය.
2019-12-11 14:28:08
එළඹෙන නත්තල් සමය ලොවට මතක් කර දෙන සාමයික සංගීතයේ තනු නිර්මාණය කරමින්, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (10) දින සන්ධ්‍යාවේ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.
2019-12-09 14:39:19