2020-02-12 22:01:24
මෑත ඉතිහාසයේ එක්වරකදී උසස්වීම් ලැබූ වැඩිම හමුදා නිලධාරීන් කණ්ඩායමට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (12) දින සන්ධ්‍යාවේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැදවීමෙන් අනතුරුව ඔවුන් 244 දෙනා අමතනු ලැබීණි.
2020-02-08 14:31:24
දින පහක් පුරා ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වෙන 11 වන 'DEFEXPO-2020' දැවැන්ත ප්‍රදර්ශනය තුළින් හමුදා ආයුධ, ආධාරක පද්ධති දෘඩාංග හා තාක්ෂණය ඉන්දියාවේ ගොඩබිම, මුහුදු හා ගුවන් හැකියාවන් සහ ඉන්දියානු ආරක්ෂක ක්‍රමවේද එකම ප්‍රදර්ශනයකදී ප්‍රදර්ශනය කරයි. මෙම ලොව විශාලතම ආරක්ෂක ප්‍රදර්ශනය ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් විසින් ඉකුත් බදාදා (5) දින ලක්නව් (Lucknow) හිදී රටවල් 150 ක පමණ ආරක්ෂාව සම්බන්ධ ගෝලීය නායකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.
2020-02-03 18:09:03
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට සපැමිණි රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) අද (3) දින මධ්‍යහනයේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි අතර එහිදී එම නියෝජිත පිරිස වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සඳවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් සහිත ගෞරවාන්විත පිළිගැනීමක් තුලින් ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කොට තිබිණි. තවද, රතු පලස් මතින් ඉතා උණුසුම් ආකාරයක පිළිගැනීමක් ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් කටයුතු සංවිධානය කර තිබිණි.
2020-02-03 10:09:23
රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකරන ලද ආරාධනයක් මත රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සැලියුකොව් (Oleg Salyukov) පස්දින සංචාරයක් සඳහා අද (3) දින දිවයිනට සම්ප්‍රාප්ත විය.
2020-01-30 21:52:53
“අප විශ්වාසය තැබිය යුත්තේ සතුරා නොපැමිණීමේ සම්භාවිතාව මත නොව, ඔහුව මුණගැසීමට ඇති අපගේම සූදානම මතය. මේ අනුව, නැගී එන අභියෝග හඳුනා ගැනීම කාලෝචිත අවශ්‍යතාවයක් වන අතර ඒවා ඵලදායී හා කාර්යක්ෂමව විසඳීමට අත්‍යවශ්‍ය හැකියාවන්ගෙන් සන්නද්ධ විය යුතුය. මෙම සන්දර්භය තුළ, සයිබර් අවකාශය සහ යුද හමුදා සාමාජිකයින් අතර එහි ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා මෙවැනි වැඩසටහන් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.”
2020-01-29 22:38:52
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය - 2019 අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය බඳාදා (29) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද පිහිණුම් තටාකයේ දී පවත්වන ලද අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.
2020-01-27 14:13:38
ශ්‍රි ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය වෙත අද (27) දින සපැමිණි පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සෆර් මහමුද් අබ්බාසි, එන්.අයි (එම්) (Naval Staff Admiral Zafar Mahmood Abbasi) වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් හමුදා සම්ප්‍රදායානූකූල ඉතා උණුසුම් පිළිගැනිමක් ලබා දෙන ලදී.
2020-01-25 15:14:31
විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා රාගම ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් ඉදිකරන ලද නවීනතම විශේෂඥ පහසුකම් පිරි ‘අයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය සෙනසුරාදා (25) දින මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී.
2020-01-24 14:04:39
කලාපයේ ආරක්ෂාව, සුපරික්ෂාකාරී බව සහ ස්ථාවරත්වය සහතික කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සිංගප්පූරුවේ දී ජනවාරි මස 20 සිට 22 දින දක්වා තෙදින තුළ පැවැති 8 වන ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ ෆුලර්ටන් (Fullerton) සමුළුව ‘ෂැන්ග්‍රි-ලා සංවාද ෂෙර්පා හමුව’ සඳහා රටවල් 25 කට අධික ප්‍රමාණයක ආරක්ෂක නිලධාරීන්, ඉහළ පෙළේ හමුදා නිලධාරීන්, පර්යේෂණ විශ්ලේෂකයින් සහ රාජ්‍ය නොවන විශේෂඥයින් සියදෙනෙකුට වැඩි පිරිසක සහභාගිත්වයෙන් පැවතිනි.
2020-01-17 17:33:25
ජනාධිපති ‘රණ පරශුව’ සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ යන සම්මානයන්හී ගෞරවයට පාත්‍ර වූ රෙජිමේන්තුවක් වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ 23 වන සංවත්සර දිනය යෙදී තිබු අද (17) දින උදෑසන සංවත්සර දින සැමරුම නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී වර්ණවත් වැඩසටහන් මාලාවක් සමගින් පැවැත්විණි.