10th November 2018 23:00:11 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් නැඳුන්කේනී වැවේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළගොස් වැව් බැම්මෙන් ජලය කාන්ඳුවීම පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මත වූ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිකුරාදා (09) දින සන්ධ්‍යාවේ පැය කිහිපයක් තුල වැව් බැම්මේ ආරක්ෂාව තහවුරු කිරීමට සමත්විය.
10th November 2018 22:55:11 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් නිශාන්ත දහානායක ගේ අණදීම යටතේ එම ඒකකයේ භට පිරිස් පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරණීපාත වර්ෂාපතනය හේතුවෙන් කිරන්, පුලිපන්චිකාල් ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයට සහන සලසමින් සෙනසුරාදා (10) දින....
09th November 2018 11:48:02 පැය
වන්නිවිලාන්කුලම් වැවේ වැව් බැම්ම බිඳියාමේ අවධානමක් පිළිබඳ සැලවූ වහාම බ්‍රහස්පතින්දා (08) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 57 දෙනෙකුට අධික පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී වැලි කොට්ට අතුරා වැව් බැම්මේ ආරක්ෂාව තහවුරු කිරීමට සමත්විය. පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු....
08th November 2018 11:34:43 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ උපදෙස් මත නොවැම්බර් මස 6 සහ 7 දිනයන්හි නැගෙනහිර වම්මිවට්ටුවාන්, රිදීතැන්න, කිරාන්, පුලිපන්චිකල් සහ පූනානි යන ප්‍රදේශයන්හි ගංවතුරෙන් විපතට පත්වු සිවිල් ජනතාව මුදාගැනීම සඳහා සහන මෙහෙයුම් දියත් කරනු ලැබීය.
08th November 2018 10:40:43 පැය
කාම්බෝජියානු රජයේ බිම්වෙඩි පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ නියොජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ මානුෂීයවාදි බිම්වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනය කරමින් ඔවුන්ගේ දැනුම වර්ධනය කරගැනිම සඳහා පසුගියදා දිවයිනට පැමිණි අතර....
08th November 2018 10:34:43 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ විසින් හින්දු දීපවාලී උත්සවයට සමගාමීව යාපනය කොටුව සහ යාපනය අර්ධද්වීපයේ කෝවිල් පිරිසිදු කර අලංකාරවත් කිරීම සඳහා සහයෝගය ලබාදුන් අතර කෑම පැකට්, කිරිබත් සහ රසකැවිලි ද බෙදාදෙනු ලැබීය. තවද දීපවාලි උත්සවයට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ තෝරාගනු ලැබු අඩු ආදායම්ලාභි පවුල්.....
06th November 2018 12:49:48 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සරත් චන්ද්‍රසේකර මහතා සහ සුමන විජේරත්න මහත්මියගේ අනුග්‍රහකත්වය ඇතිව අමිතියපුරම් සහ ආරෝග්‍යපුරම් පෙර පාසල්හි අධ්‍යාපනය හදාරණු ලබන අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 97 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
06th November 2018 12:47:48 පැය
කොළඹ, ගෝතමී බාලිකා විද්‍යාලයේ මෙම වසරේ ‘වර්ණ රාත්‍රිය’ සඳුදා (26) දින විද්‍යාල ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා එම විද්‍යාලයේ විදුහල්පතිණිය වන සුභාෂනි...
06th November 2018 12:30:31 පැය
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ ආදී ශීෂ්‍ය සංගමය විසින් කරන ලද ආරාධනයකට අනුව එම විද්‍යාලයේ පැවැති කර්නල් හෙන්රී ස්ටීල් ඕල්කට්තුමාගේ ගුණසමරු උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපති...
06th November 2018 12:20:31 පැය
පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන නිලධාරි නිවස්නයේ දී සඳුදා (05) වන දින යුද්ධ හමුදාධිපති තුමන්ගේ ආරාධනය පිළිගෙන පැමිණි මහාචාර්ය විමල් දිසානායක මහතා ‘චිත්‍රපටය සහ සාමාජයේ සමීපතාව’ යන තේමාව ඔස්සේ ඉතා හරවත් දේශනයක් පවත්වනු ලැබීය.