09th January 2019 20:00:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි 53 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කොට ඇති බව බදාදා (9) දින යුද්ධ හමුදා ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද හමුදා නිවේදනයක් මගින් ප්‍රකාශ කරන ලද අතර මීට දින කීපයකට ප්‍රථම යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලද මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගෙන් පසුව පුරාප්පාඩු වූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරී පත්කොට ඇත.
09th January 2019 16:39:54 පැය
සිය ධූරයේ නව රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා බදාදා (09) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය. යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි නාවික හමුදාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව හමුදා කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ශ්‍රි ලංකා යුද්ධ හමුදා....
09th January 2019 15:41:23 පැය
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය (Ms Hanaa Singer) හා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් කොළඹ යුද්ධ හමුදා මුලස්ථානයේ දී බදාදා (9) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූහ.
08th January 2019 12:46:10 පැය
පසුගිය දිනවල ඇතිවු දැඩි වර්ෂාපතය හේතුවෙන් කිලිනොච්චි සහ මුලතිව් යන ප්‍රදේශයන්හි පහත් බිම් ප්‍රදේශ වල පානීය ජල ළිං යටවීම හේතුවෙන් උග්‍ර ජල අර්බුදකට මුහුණ පා සිටින මිනිසුන්ගේ පානීය ජල විසදුමට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගිය සිකුරාදා (6) දින සවස් කාලය වන විට කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පානීය ජල ළිං 324 හා මුලතිව් දිස්ත්‍රික්කයේ...
07th January 2019 17:41:40 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වව්නියාව ජාතික රෝහලේ ‘සඳහම් සුව’ බෞද්ධ සංගමය සමඟ සහයෝගීව කටයුතු කරමින් කුරුමන්කාඩු දුෂ්කර ගම්මානයේ ජිවත්වන අසරණ කාන්තාවක් සඳහා නව නිවසක් ඉදිකරදෙයි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත වව්නියාව....
07th January 2019 16:21:39 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වව්නියාව බූ ඔය පිහිටා ඇති ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බිම් බෝම්බ ඉවත් කිරිමේ වත්මන් වැඩපිළිවෙල පිළිබඳව පැවති නිදර්ශණයක් නැරඹීම සඳහා සිකුරාදා (4) දින යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතයින් දෙදෙනෙකු වන ගරු Charles Van Orden සහ William Legge, Earl of Dartmouth ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාව අතරතුර දී සහභාගිවුහ.
07th January 2019 14:59:22 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත මාතලේ ආලෝක විහාරයේ ඇති ත්‍රිපිටක පොත්වහන්සේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ සුවිසල් රාජ්‍ය උත්සවය එම විහාරස්ථානයේදි පවත්වන ලද අතර ඒ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේවයෙ නියුතු නිලධාරින් 26 දෙනෙකු හා යුද්ධ හමුදා සාමාජිකයින් 600 කට අධික....
04th January 2019 15:00:15 පැය
සජිවි ශබ්ද ඉංජිනේරු සහ උත්සව සංවිධායක ලෙස සේවයේ නියතු නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රි ලාංකික ශ්‍යාම් වල්පොල මහතා විසින් රාගම ‘රණවිරු සෙවන’ සිටින ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය උදෙසා මූල්‍යමය පරිත්‍යාගයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ප්‍රධානය කරනු ලැබීය. යුද්ධ හමුදාධිපති කාර්යාලයේදි....
04th January 2019 11:58:58 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත හොරණ, තලගල ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති තලගල සුමනරත්න නාහිමියන් සහ ඔස්ට්‍රේලියා ජාතික රොඩ් තම්බයියා මහතාගේ ( Mr Rod Thambiah) අනුග්‍රහකත්වයෙන්, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ....
03rd January 2019 17:04:25 පැය
වසර 22 ක සේවා කාලය සාර්ථකව නිමකල විශ්‍රාම ගැනීමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් 6 දෙනෙකු සඳහා බ්‍රහස්පතින්දා (3) දින යුද්ධ හමුදා මුලස්ථානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවීමට අවස්ථාවක් හිමිවු අතර, එහිදි යුද්ධහමුදාධිපතිතුමන් විසින් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට කැපවීමෙන් යුතුව ඔවුන් කළ සේවය කිරිම අගයමින් ඔවුන් හට ‘ප්රණාම සහතික’ (උපහාර සහතිකයක්) ප්‍රධානය කරනු ලැබීය.