28th February 2019 16:56:44 පැය
රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජිතයින්ගේ ප්‍රධානී ශ්‍රී ලංකා සහ මාලදිවයින ජනරජයේ රුසියානු සමූහාණ්ඩු තානාපති ගරු යූරි බොරිසොවිච් මහතා (HE Mr Yuri Borisovich) බදාදා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. එහිදි, දෙරටේ හමුදාවන් අතර පවත්නා සහයෝගීතාව තවදුරටත්...
28th February 2019 15:01:09 පැය
ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය විසින් දියත් කරනු ලබන ‘මත්ද්‍රව්‍ය නිවාරණ’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව දීපව්‍යාප්ත පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්වීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩමුළුව පසුගියදා පැවැත්විණි.
27th February 2019 14:28:55 පැය
වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි පෙර පාසල් දරුවන් 400 කට අධික පිරිසක් වෙනුවෙන් ආරම්භ කරනු ලැබු වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා ගේ අඛණ්ඩ ප්‍රජා ව්‍යාපෘතින් අතුරින් තවත් සුවිශේෂී වැඩසටහනක් වූ ‘පියවර’ ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස 8 වන පෙරපාසල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉරට්ට ප්‍රදේශය ආසන්න පිහිටි අලගල්ල ගම්මානයේ ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.
26th February 2019 16:16:32 පැය
තලගල ශ්‍රී සුමනරතන නාහිමියන්ගේ අනුශාසනා ඇතිව ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම’ විසින් ලබාදුන් මූල්‍යමය ආධාරයන් යොදාගනිමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 663 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංජිනේරු සහ තාක්ෂණික දැනුම උපයෝගි කරගනිමින් ජයපුරම් ප්‍රදේශයේ දුප්පත් පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.
25th February 2019 18:41:21 පැය
මහනුවර, පල්ලකැලේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරී නිවස්නය සඳුදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කෙරිණි. නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය...
25th February 2019 16:41:21 පැය
නිදන්ගත වකුගඩු රෝග සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ (CKDs) මූලිකත්වයෙන් මහනුවර ශීක්ෂණ රෝහල් පරිශ්‍රයේ යුද්ධ හමුදාව විසින් නවතමයෙන් ඉදිකල මහල් 7 කින් සමන්විත ‘වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය’ සඳුදා (25) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අති උත්කර්ෂවත් උත්සවයකදී විවෘත කරන ලදී.
25th February 2019 15:41:21 පැය
සේනපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ පුනරුත්ථාපනය වන සහ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ සහ අනෙකුත් ආබාධ සහිත ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සඳුදා (25) දින එම කඳවුරු පරිශ්‍රය වෙත පැමිණියේය.
24th February 2019 22:00:47 පැය
පරිසරය පිරිසිදුව තබාගනීමින් අන් අයට හොඳ ආදර්ශයක් එක් කරමින්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව මත්ද්‍රව්‍ය නිවාරණය සහ ඩෙංගු මර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් කඳුරුදුව ගම්මානය...
22nd February 2019 09:58:03 පැය
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලිය - 2018 හී අවසන් තරඟය බ්‍රහස්පතින්දා (21) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති අතර තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
22nd February 2019 09:40:14 පැය
පසුගියදා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය උපන් නගරයට සිකුරාදා (22) දින පැමිණි අතර එහිදි මාතලේ නගරයේ විවිධ තරාතිරමේ පුද්ගලයින් සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහිවූ ආදී ශීෂ්‍යයින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මාතලේ නගරයට පැමිණි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා....