2024-03-01 16:32:54
14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී, දෙවන අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.එස්.එස් ප්‍රනාන්දු යූඑස්පී, නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිප දෙනෙකු පසුගිය බදාදා (පෙබරවාරි මස 28) දින ලෙබනනයේ ‘තියර්’ (Tyre) හි පිහිටි කොරියානු සාම සාධක බලඇණිය (ROKBATT) UNP 2-5, වෙත නිල සංචාරයක නිරත වූහ.
2024-03-01 16:10:54
යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් 2024/1, අධියර යටතේ මනෝවිද්‍යාත්මක වැඩමුළුවක් 2024 පෙබරවාරි මස 26 දින සිට මාර්තු 01 දින දක්වා බූවැලිකඩ, සංඥා පුහුණු පාසලේදී පවත්වන ලදී. ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් 37 දෙනෙකු සහභාගී වූහ.
2024-03-01 16:00:54
‘Eliyakanda Speed Hill Climb – 2024’ තරඟාවලිය පෙබරවාරි මස 24 සහ 25 යන දිනයන්හිදී මාතර, එලියකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විණි.
2024-03-01 12:06:56
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ඉලංගෝවන් සහ යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්ද්‍රන් යන මහත්වරුන් ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 29) දින එතුමන්ගේ කාර්යාලයේ දී හමුවූහ.
2024-02-29 18:50:08
උසස්වීම් ලද මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 28) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2024-02-29 18:41:45
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘කොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 54’ හි සමාප්ති උත්සවය 2024 පෙබරවාරි මස 28 දින පැවැත්විණි. යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 77 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.
2024-02-29 18:39:24
දශකයකට අධික කාල සීමාවක් භාවිතා නොකළ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය, පිහිටි ටෙනිස් පිටිය 2024 පෙබරවාරි මස 27 දින පැවති උත්සවයකදී නැවත විවෘත කෙරිණි.
2024-02-29 18:37:21
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සහ විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය ඒකාබද්ධව 2024 පෙබරවාරි මස 27 සහ 28 දෙදින තුළ අපරාධ සිදුකිරීමට යොමුවීම වැළැක්වීමේ අරමුණින් ඒ පිළිබඳ දේශන මාලාවක් පැවැත්විය. ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර පරිශ්‍රයේදී පැවති මෙම දේශන මාලාව සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
2024-02-29 18:34:34
1 බලකා මූලස්ථානය වෙතින් එම බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී 2024 පෙබරවාරි මස 28 දින එක්දින මූලික ජීවිතාරක්ෂක ප්‍රථමාධාර වැඩමුළුවක් පැවැත්වීය. 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය කුසලතාවන්ගෙන් සමන්විත භටපිරිස් පුහුණු කරවීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වීය.
2024-02-29 12:48:48
54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 541 පාබල බලසේනාව හා පෙරියමඩු එකමුතු තරුණ සංවර්ධන සංගමය එක්ව 2024 පෙබරවාරි මස 23, 24 සහ 25 යන දිනයන්හිදී පෙරියමඩු බටහිර ක්‍රීඩා පිටියේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීය.