Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2020 17:13:22 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සිදු කළ ප්‍රථම නිල සංචාරයේදී එතුමන්ව රතු පලස මතින් උණුසුම් අයරින් පිළිගනු ලැබීය

කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා හමුදා වෘත්තීමයභාවය ඉහළ නංවන කීර්තිමත් ශාස්ත්‍රලීය ආයතනයක් වන බුත්තල හි පිහිටි නිලධාරී ප්‍රවර්ධ ප්‍රගමන මධ්‍යස්ථානය වෙත අද (15) දින සපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවට උණුසුම් අයුරින් රතු පලස් මතින් පිළිගනු ලැබීය. එතුමන් පසුගිය වසරේ යුද්ධ හමුදාධිපති ධූරයට පත් විමෙන් පසු නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධ මධ්‍යස්ථානයේ සිදු කළ ප්‍රථම නිල සංචාරය මෙය වේ.

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තාවන යුද්ධ හමුදාධිපතිතුමන්ව හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන ආචාර මුරයක් පිළිගන්වමින් පිළිගනු ලැබීය. 2020 වර්ෂය සඳහා ශිෂ්‍ය නිලධාරීන්ගේ ඒකක අණදෙන නිලධාරී පාඨමාලා අංක 7 සහ කනිෂ්ඨ නිලධාරී අණදෙන පාඨමාලා අංක 19 ආරම්භ කිරීමේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිට ආරාධනා කරනු ලැබීය. එහිදි එතුමන් නිලධාරීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සහ කාර්යක්ෂමතාවයේ හා විනය ඉහළ මට්ටමකින් පවත්වාගැනිම සඳහා ඉගෙනීමේ වැදගත්කම පිළිබදව අවධාරණය කළේය. තවද, ගෝලීය හමුදා යුධ උපක්‍රම වේගයෙන් වෙනස් වන බැවින් අනාගත සටන් මෙහෙයුම් පිළිබඳ උපායමාර්ගිකව ඉගෙනීමට අමතරව, සටන් නොවන මෙහෙයුම්, ආගමික, සමාජීය හා සංස්කෘතික සන්දර්භය තුළ ක්ෂිතිජය පුළුල් කිරීමේ වර්තමාන අවශ්‍යතාවය එක්රැස් කිරීම ද ඔහු සිහිපත් කළේය. තවද, දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දෙමින් බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර එම නව පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වන ලෙස හා ශිෂ්‍ය නිලධාරීන් ඇමතීමට ද ආරාධනා කළේය.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ දේශනයෙන් අනතරුව, නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක විසින් ‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි වීම; සමකාලීන ප්‍රවණතා සහ අභියෝග යන මාතෘකාවන් පෙරදැරි කරගෙන පැවැත් වූ "2/2019 සම්මන්ත්‍රණයේ" මුල් පිටපත ඉදිරිපත් කරන ලදී. අනතුරුව එම සම්මන්ත්‍රණයට සහභාගී වූ විද්වත් මඩුල්ල විසින් ලෝකයේ විවිධ ස්වභාවයේ අන්තවාදී ප්‍රවණතා දේශීය හා විදේශීය මට්ටම්වල නව ආරක්ෂක උපාය මාර්ග සැකසීම හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබද සාකච්ඡා කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සියලු පාඨමාලා අන්තර්ගතයන් සහ අනෙකුත් අධ්‍යයන පාඨමාලා පැවැත්වීම සඳහා ඉදිකරනු ලැබු ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය. COVID-19 වසංගතයේ ව්‍යාප්තවීම, රටෙහි වර්ථමාන තත්ත්වය, හමුදා සාමාජිකයන් පාලන සඳහා වූ යාන්ත්‍රණය, නිරෝධායන ක්‍රියාවලිය, සෞඛ්‍ය අංශයේ විශේෂඥයින් සහ කම්කරුවන්ගේ කැප කිරීම, ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීම, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පිහිටුවීම පිළිබඳ සාකාච්ඡා කරන ලදී. මීට අමතරව බුත්තල ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය නිලධාරියාගේ සංකල්පීය අනාගත උපායමාර්ග, සෞඛ්‍ය පිළිවෙත් පිටුපස ඇති සාර්ථකත්වය තුළ රටේ COVID-19 හි තත්ත්වයන් පිළිබඳ ද තවදුරටත් සාකච්ඡා කරන ලදී. එම අවස්ථාව සඳහා කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද්ධ හමුදාධිපතිවරයා ද එක්විය. පළමු සැසිය අවසානය කරා ළඟා වෙත්ම, දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ සියලු දෙනා කණ්ඩායම් ඡායාරූපයකට පෙනී සිටිමින් එම අවස්ථාවට මතකයන් එක් කළහ.

නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී දීර්ඝ අවශ්‍යතාවයක්ව පැවති ශිෂ්‍ය නිලධාරීන් සඳහා නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් නවාතැන් ගොඩනැගිල්ල ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පීත්ත පටිය කපා විවෘත කිරීමෙන් පසුව සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඇතුළත සමීපව නිරීක්‍ෂණය කළේය.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරී නිවස්නයේ නව ගොඩනැගිල්ලේ ඉදිකරන ලද ‘එළිමහන් නිදහස් කලාපය’ විවෘත කළ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය වෙත සපැමිණි පළමු අවස්ථාව මෙය වූ හෙයින්, එම අවස්ථාවන් එතුමන්ට නොමැකෙන මතක සටහනක් විය. අනතුරුව නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන් දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ අතීත හමුදා අත්දැකීම් සහ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් කිහිපයක් බෙදා ගත්තේය. අනතුරුව නිලධාරී නිවස්නයේ පිළියල කර තිබු දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ එතුමන් නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අමුත්තන් සඳහා වු සමරු සටහන් පොතේ සමරු සටහනක් තැබිමෙන් අනතුරුව දවසේ කටයුතු අවසන් විය. සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වය සහ ඔහු එම අවස්ථාවට එක් කළ ගෞරවය අගය කරමින්, එතුමන් එම ස්ථානයෙන් නික්මයෑමට පෙර විශේෂ සමරුතිළිණයක් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා, යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් නිශාන්ත හේරත්, පුහුණු අණසක බ්‍රිගේඩියර් පුහුණු බ්‍රිගේඩ්යර් චන්ද්‍රා ජයවීර, නියෝජ්‍ය සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය එම අවස්ථාවට සහභාගී වූහ.

2012 ජනවාරි මස 23 වන දින ආරම්භ කරන ලද සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධිත නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය යුද්ධ හමුදාවේ මධ්‍යම අධ්‍යයන ආයතනවලින් විශිෂ්ඨ එකක් වන අතර, එමගින් විවිධ අධ්‍යාපන ක්ෂේත්‍රයන් හා කාර්යයන් ක්‍රියාත්මක කරමින් විවිධ පරිපාලනමය කාර්යභාරයන් සඳහා මධ්‍යම පංතියේ නිලධාරීන් පුහුණු කරනු ලබයි. යුද්ධ හමුදාධිපතිවරයාගේ උපායමාර්ගික සංකල්පයන්ට සරිලන පරිදි සටන් හා සටන් නොවන අනාගත මෙහෙයුම් අවශ්‍යතා සඳහා පුහුණු කිරීම මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉහළ නිපුණ, විශ්වාස සහ මනා අභිප්‍රායකින් හමුදා නිලධාරීන් සංවර්ධනය කිරීමට නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය සෑම උත්සාහයක්ම දරයි. buy footwear | Nike Shoes