Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2020 11:31:40 Hours

යුද්ධ හමුදා ‘පොසොන් කලාපය’ ආකර්ශනීය පහන්කූඩුවලින් ආලෝකමත් වේ

වෙසක් උත්සවය හැරුණු කොට වසරේ දෙවන බෞද්ධ සැමරුම් උළෙල වන පොසොන් පුර පසොලොස්වක පොහෝ දින වැදගත්කම වෙත ප්‍රමුඛත්වයක් ලබාදෙමින් බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට යුද්ධ හමුදා මූලස්ථානය දක්වා පිවිසෙන මාර්ගයේ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් වර්ණවත් පහන් කූඩුවලින් අලංකාරවත් වූ ‘පොසොන් කලාපය’ ඉකුත් බදාදා (03) දින සන්ධ්‍යාවේ ආලෝකවත් විනි.

මෙම දැවැන්ත ‘ආමිස’ පූජාව සංවිධානය කිරීමට යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ භටපිරිස් සමඟින් සම්බන්ධ වූ යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා මුලස්ථානය අවට අලංකාරවත් ලෙස ඉදිකර ඇති ‘පොසොන් කලාපය’ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් ආලෝකවත් විය. ඉදිරි පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා අපගේ ඓතිහාසික ආගමික හා සංස්කෘතික සාරධර්ම සහ සම්ප්‍රදායන් පිළිපැදිය යුතු බව යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී පවසනු ලැබීය.

මෙම පොසොන් කලාපය නරඹන අතරවාරයේ, රෙජිමේන්තු මට්ටමින් ඉදිකළ මෙම නිර්මාණ සඳහා කැපවූ තම සොල්දාදුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගැනීමට ද යුද්ධ හමුදාධිපතිතුමන් අමතක නොකළේය. මහින්දාගමනය හෙවත් මිහිඳු මහරහතන් වහන්සේ පොසොන්’ පුර පසලොස්වක පොහෝදිනයක ලක්දිවට වැඩම කර බෞද්ධ දහම ස්ථාපිත කිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘පොසොන් කලාපය - 2020’ තවත් දින කිහිපයක් විවෘතව පවතින අතර එහි සෞන්දර්ය සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව මහජනතාවට නැරඹිය හැක.

මීට සමගාමීව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දිවයින පුරා සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් තොරන්, පහන් කූඩු, විවිධ සැරසිලි, ධර්ම දේශනා, රුධිර පරිත්‍යාග වැඩසටහන්, අත්‍යවශය ද්‍රව්‍ය සහ වියළි ආහාර සලාක බෙදාදීම් ආදී වැඩසටහන් සංවිධානය කරමින් කොවිඩ්-19 වෛරසය පැතිරයාම හේතුවෙන් ආකර්ෂණය නැතිවී ගිය මෙවර පොසොන් උත්සවය වර්ණවත් කිරීමට දායක වූහ.

සියවස් ගණනාවකට පෙර අනුරාධපුර, මිහින්තලයට ඉන්දියාවේ සිට අරහත් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමත් සමග සිදුවූ මෙරට බෞද්ධ ශාසනික පෙලහර තුලින් ආචාරධර්ම වලින් හෙබි ආධ්‍යාත්මක ජීවන රටාවක් සඳහා වැසියන්ට පෙළඹිම ඇරඹීනි. Adidas footwear | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth