Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2020 20:03:33 Hours

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නැවත වරක් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමිකයින් හට විශ්‍රාම වැටුප් ලබාගැනීම සදහා ප්‍රවාහන පහසුකම් සැපයූ බව කොවිඩ්-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී පවසයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (05) දින පස්වරුවේ කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

“ලන්ඩන් (London) සිට යු.එල් - 504 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානය මගින් සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් 210 කට ආසන්න කණ්ඩායමක් හෙට (06) දින දහවල් දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන් නිරෝධායන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවන් මගින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතව ඇත. යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන වැලිසර නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් පුද්ගලයින් 47 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (05) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී.

අද (5) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5089 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

අද (05) දිනයේ කොළඹ බංඩාරනායකපුර ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත ත්‍රි රෝද රථ රියෙදුරෙකු හමුවීමත් සමග ඔහු සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් 29 දෙනෙකු ද කොළොන්නාව ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු සොයාගැනිමත් සමගම එම ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කරනු ලැබු පුද්ගලයින් 27 දෙනෙකු මෙන්ම මෝදර මහල් නිවාස සංකීර්ණයෙන් වෛරසය ආසාදිත පුද්ගලයෙකු මෙන්ම එම ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් 15 දෙනෙකු සොයාගන්නු ලැබුවා. එසේම, මහනුවර කොළොඹිස්ස ප්‍රදේශයෙන් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමත් සමගම ඔහු සමීපව ඇසුරු කළ පවුල් 18 ක පුද්ගලයින් 67 දෙනකු ඇතුළු පුද්ගලයින් 138 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාවන් මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4816 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි. එසේම, නාවික හමුදාව තුළ අද (05) දිනය වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 329 ක් වේ.

අද (05) දින ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් ශ්‍රි ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 6,45000 කට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා තම නිවසේ සිට බැංකු වෙතට යාමට සහ නැවත තම නිවෙස් වෙත පැමිණීමට ප්‍රවාහන පහසුකම් ලබාදුන් බව” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනු ලැබිණි.

සාරාංශය:

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 5089

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 4186

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 39

අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ: jordan Sneakers | 『アディダス』に分類された記事一覧