Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2020 18:10:24 Hours

'ප්‍රජා සවිබල ගැන්වීම තුළින් සම්ප්‍රේෂණ දාමය බිඳ දැමීම' යන මාතෘකාව යටතේ පැවති සාකච්ඡාවට කොවිඩ්-19 වෛරසය පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි සහභාගීවේ.

මහජන සෞඛ්‍ය ආසියා-පැසිෆික් අධ්‍යයන සම්මේලනයේ (APACPH) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ආරාධනයෙන් ‘ප්‍රජා සවිබල ගැන්වීම තුළින් සම්ප්‍රේෂණ දාමය බිඳ දැමීම’ යන තේමාව යටතේ අද (30) දින පැවති සාකච්ඡාව සඳහා කොවිඩ්-19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර, එහිදි ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයින් සහ මහජන සෞඛ්‍යය මණ්ඩලය විසින් ඔවුන්ගේ වෘත්තීය විශේෂඥ දැනුම උපයෝගි කරගනිමින් ‘කොවිඩ් -19’ වසංගතයෙහි අනපේක්ෂිත සම්ප්‍රේෂණ, එහි ගෝලීය බලපෑම, වැළැක්වීමේ යාන්ත්‍රණය, ප්‍රජා දැනුවත්භාවය වැඩි දියුණු කිරීම, අනාගත පුරෝකථනය, එහි ආසාදන ක්‍රමය නැවැත්වීම, සාමූහික පියවර ආදි කරුණු පිළිබඳ අදහස් ප්‍රකාශ කළේය.

මෙම සම්මන්ත්‍රණය කොළඹ 7 විජේරාම මන්දිරයේ පැවති අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික බෝවන රෝග රෝහලේ ප්‍රධාන උපදේශක වෛද්‍ය වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජසිංහ මහතා සහභාගී වූහ.

මෙම සැසිවාරය සඳහා, ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලයේ (Curtin University Australia) මහජන සෞඛ්‍ය විද්‍යාලයේ මහාචාර්ය කොලින් බින්ස් (Professor Collin Binns), චීනයේ බීජිං හි පර්කින් විශ්ව විද්‍යාලයේ (Perking University in Beijing) මහාචාර්ය ගෝර්ඩන්. ජී. ලියු (Professor Gordon. G. Liu), හොංකොං විශ්ව විද්‍යාලයේ (Hong Kong University) මහජන සෞඛ්‍ය විද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් (Professor Malik Peiris), මැලේසියාවේ මලයා විශ්වවිද්‍යාලයේ (University of Malaya) වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒ.ඩබ්ලිව්.ජී. බල්ගිබා (A.W.G Bulgiba) සහ සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ (National University of Singapore) මහජන සෞඛ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය ටියෝ යික් යින් (Professor Teo Yik Ying) යන විදේශීය විද්වතුන් පිරිසක් ද සහභාගී වූහ.

මෙම සැසිවාරයේ හදුන්වාදීම මැලේසියාවේ මලයා විශ්ව විද්‍යාලයේ ආසියා යුරෝපීය ආයතනයේ සභාපති සහ මහජන සෞඛ්‍ය ආසියා-පැසිෆික් අධ්‍යයන සම්මේලනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ලෝවා වා යුන් (Professor Loa Wah Yun), මහජන සෞඛ්‍ය ආසියා-පැසිෆික් අධ්‍යයන සම්මේලනයේ උපසභාපති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දිකා කරුණාතිලක යන විද්වතුන් විසින් සිදු කරන ලදී.

මෙම සැසිවාරයේදී COVID-19 සහ රටවල් වලට එහි බලපෑම, සමාජ-ආර්ථික සංස්කෘතීන්, රටාවන්හි වෙනස්කම්, ප්‍රතිකාර ක්‍රම, පරීක්ෂණ, ළමුන්, කලාපීය මට්ටමේ වර්ධනයන්, ප්‍රවේශයන්, ඉගෙන ගත් පාඩම් සහ වැදගත් අත්දැකීම් පිළිබඳ පුළුල් සාකච්ඡාට ලක්වූ අතර, එහිදි ඕස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, හොංකොං සහ සිංගප්පූරුව යන රටවල් ද සමාලෝචනය සහ ඇගයීමට ලක් කරන ලදී. Sportswear free shipping | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos