Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2020 19:52:50 Hours

කොවඩ් 19 වෛරසය ආසාදිත වීරෝධාර නාවික හමුදා රණවිරුවන් ඇසුරු කළ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියළුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත යොමුකොට ඇතැයි කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වීත මධ්‍යස්ථාන ප්‍රධානි ප්‍රකාශ කරයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (28) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගී වූහ.

“ඉන්දියාවේ බැංගලෝර් (Bengaluru) සිට UL-1172 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 164 දෙනෙකු අද (28) දින දිවයිනට පැමිණෙන ලදී. ඔවුන් අතර, හමුදා සාමාජිකයන්, රාජ්‍ය සේවකයින් සහ සිසුන් පිරිසක් ද ඇතුලත් වේ. තවද, එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාවන් විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට මේවන විට සියළු කටයුතු සූදානම් කර ඇති බව” ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත, අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකළ පුද්ගලයින් 75 දෙනෙකු සහ පූනානී නිරෝධායන මධ්‍යස්ථානයෙන් දෙදෙනෙකු ඇතුළුව 77 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (28) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. එසේම, අද (28) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4526 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම අද (28) දිනයෙත් නාවික හමුදාවේ කොවිඩ් 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන් ලගින් ඇසුරු කළ පුද්ගලයින් සියළුම දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව අද (28) දින පැවති මාධ්‍ය සාකාච්ඡාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ: spy offers | Nike Air Force 1 , Sneakers , Ietp STORE