Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2020 19:57:30 Hours

වසංගතයෙන් රට රැකීමට මෙහෙවර කළ නාවික හමුදා භටපිරස් 180 දෙනෙකුට මේවන විට කොවීඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 වෛරසය පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (27) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.

බංගලාදේශයේ ඩකා (Dhaka) අගනුවර සිට UL-190 දරණ ශ්‍රී ලන්කන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 74 දෙනෙකු අද (27) දින රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඔවුන් අතර, හමුදා සාමාජිකයන්, රාජ්‍ය සේවකයින් සහ සිසුන් පිරිසක් ද ඇතුලත්ව සිටියි. එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන පූනානී නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට මේවන විට සියළු කටයුතු සූදානම් කර ඇත.අද (27) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4512 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම ඊයේ (26) දිනයේ නාවික හමුදාවේ පවුල්වල සාමාජිකයන් 58 දෙනෙකු නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මිහින්තලේ සහ නිපුන බූස්ස යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලද අතර, අද දිනයේත් තවත් පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතව ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 31 ක් තුළ පුද්ගලයින් 3181 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

වැලිසර නාවික හමුදා කදවුර තුළ අද (27) දිනය වන විට කොවිඩ් 19 ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 112 ක් සහ කදවුරෙන් පිටත නිවාඩු මත සිට ආසාදිත වූ රණවිරුවන් සංඛ්‍යාව 68 ද වශයෙන් නාවික හමුදාව තුළ මුළු ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 180 දක්වා ඉහල යනු ඇත. ශ්‍රී ලංකාව පුරාවට අද දිනයේ ක්‍රියාත්මක වන ඇදිරි නීති කාලය තුළ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණවිරුවන්ට තම සේවා ස්ථානයට වාර්ථා කරන ලෙස ඊයේ දිනයේ අප විසින් උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව මේවන විට බොහෝ රණවිරුවන් පිරිසක් තම සේවා ස්ථාන වෙත රපෝර්තු කර ඇති අතර, සෙසු පිරිස ද කදවුරු වෙත වාර්ථා කරමින් සිටී. කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රින්විත මධ්‍යස්ථානය වෙතින් ශ්‍රි ලංකාව තුළ කොවිඩ් - 19 වෛරසය සම්බන්ධයෙන් සියළුම තොරතුරු ඇතුලත් වූ covid19.govt.lk නම් වූ වෙබ් අඩවිය තුළින් අද දින සිට කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් වූ වාර්ථා ලබාගැනීමට හැකිවනු ඇත.

මේවන විට ශ්‍රි ලංකා නාවික හමුදාව තුළ කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව - 180

නාවික හමුදා කදවුර තුළින් ආසාදනය වූ සංඛ්‍යාව - 112

නිවාඩු මත සිටියදී ආසාදනය වූ සංඛාව - 68

ඉහත මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ: jordan release date | UOMO, SCARPE