Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2020 12:24:09 Hours

ඉන්දියාවේ සිටි සිසුන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (25) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

“අද (25) දින සන්ධ්‍යාවේ ඉන්දියාවේ මුම්බායි සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන එනු ලැබු අතර, එසේ පැමිණි ඔවුන් සියළු දෙනා යුධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට සියළු කටයුතු සූදානම් කරන ලදී.”

“ඊයේ (24) දිනයේදී පුත්තලම සහීරා විද්‍යාලය තුළ පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකළ සිටි පුද්ගලයින් 82 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර තම නිවෙස් වෙත පිටත් කරන ලදී. මේ අනුව සහීරා විද්‍යාලයේ සියළු දෙනා නිරෝධායනය අවසන් වීමත් සමඟම, දැනට එම ස්ථානය විෂබීජහරණ ක්‍රියාවලිය සිදු කරමින් පවති. මීට අමතරව, තවත් නීරෝධායන මධ්‍යස්ථාන 3 කින් පුද්ගලයන් 36 දෙනෙකු මෙසේ නියමිත නිරෝධනායන කාලසීමාව අවසන් කර PCR පරික්‍ෂණයෙන් පසු තම නිවෙස් වෙත පිටත් කරන ලදී. ඊයේ (24) දිනයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත ගිය සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 118 වේ. අද (25) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4485 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 31 ක් තුළ පුද්ගලයින් 2910 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව” ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ වීඩීයෝ පටය පහතින් දැකිවේ. Adidas footwear | Air Jordan 1 Retro High OG University Blue - Gov