Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2020 19:13:59 Hours

දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තවමත් ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි කියයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (04) දින පස්වරුවේ එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වමින් “ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කටුකැලියාව, කන්දකාඩු හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පාලනය වන ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 286 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුත්තෙන් පසු අද (04) දින තම නිවෙස් වෙත පිටව ගියා. අද වනවිට ත්‍රිවිධ හමුදාවන් යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධානය වී පුද්ගලයින් 2890 දෙනෙකු නිවස් බලා පිටත්ව ගොස් සිටිනවා. ඒ අනුව, දැනට පවත්වාගෙන යනු ලබන නිරෝධාන මධ්‍යස්ථාන 40 න් මධ්‍යස්ථාන 02 ක් ගුවන් හමුදාව මගින් ද එක් මධ්‍යස්ථානයක් නාවික හමුදාව මගින් ද නිරෝධායන මධ්‍යස්ථාන 37 ක් යුද්ධ හමුදාව මගින් ද පාලනය කරනු ලබන බව” ප්‍රකාශ කරනු ලැබීය.

"දිවයිනේ සෑම ප්‍රදේශයකම ග්‍රාම නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා අදාළ බැංකු වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අප්‍රේල් මස 2 සහ 3 දිනයන්හිදී ලබාදෙන ලදී. ඒ අනුව, විශ්‍රාමලාභින් ලක්‍ෂ තුනහමාරකට (ලක්‍ෂ 3 ½) අධික ප්‍රමාණයකට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් ලබාදෙන ලදී. තවද, අටළුවාගම සහ අකුරණ ප්‍රදේශය තවදුරටත් හුදකලා නගරයන් බවට පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව, පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් අතරින් තෝරාගත් පිරිසක් පුත්තලම සහීරා විද්‍යාලයෙත්, අටළුවාගම ග්‍රාමයේ පදිංචිව සිටි පුද්ගලයින් අතරින් තෝරාගත් පිරිසක් බණ්ඩාරගම සර්වෝදය නිරෝධායන මධ්‍යස්ථානයේ තවදුරටත් දින 14 ක නිරෝධායනය වෙමින් පවතී. ඒ වගේම, යාපනය අර්ධද්වීපයෙන් තෝරාගත් 20 දෙනෙකුගෙන් යුත් පිරිසකුත් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව” යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූහ. latest Nike Sneakers | Patike