Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2020 19:48:30 Hours

මැලේසියානු ගුවන් යානයෙන් මෙරට පැමි‍ණ ලියාපදිංචි නොවි සිටින පුද්ගලයින් තවදුරටත් ප්‍රමාදයකින් තොරව රජයේ ලියාපදිංචි වන ලෙස කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (01) දින සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායන සහතිකපත්‍ර ලැබීමෙන් පසු අද (1) දින උදෑසන දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයෙන් 86 දෙනෙකු සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් 10 දෙනෙකු ඇතුළු 89 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගිය බව හා ත්‍රිවිධ හමුදාවන් විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ‍්‍යස්ථාන වලින් පුද්ගලයින් 2118 දෙනෙකු මේ වන විට සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

“ඒ වාගේම, ඊයේ (31) දින රාත්‍රියේදී කොවිඩ්-19 වෛරසය ආසාදිත අයවළුන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 42 ක් (කළුබෝවිල, ආඩිඅම්බලම, දංකොටුව, පෙරියමුල්ල, කොච්චිකඩේ-පොරුතොට) යන විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන නිරෝධානය සඳහා අද (01) දින උදෑසන වනවිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය යටතේ ඇති පනිච්චන්කේනි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලැබූවා.‍කොරෝනා වෛරසය ආසාදනය වී මීගමුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය පුද්ගලයා හට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන් සහ හෙද කාර්යමණ්ඩලයට අයත් 24 දෙනෙකු වයික්කාල් ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුල දින 14 ක කාල සීමාවක් දක්වා නිරෝධානයට ලක් කර ඇත. ඒ අනුව, නිරෝධාන මධ්‍යස්ථාන 33 ක පුද්ගලයින් 1794 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටින අතර ඉන් 08 ක් විදේශිකයෝ වෙති. එසේම, හෙට (02) දිනයේ තවත් පුද්ගලයින් 195 දෙනෙකු නිවස් බලා පිටත්ව යාමට නියමිතව ඇත.” යනුවෙන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී වැඩිදුරටත් පැවසීය.

“ඊයේ දිනයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 21 දෙනෙකු සැලවීමත් සමඟ රටේ ජනතාව යම් කිසි ආකාරයක භීතියකට ලක් විය. මීට හේතුව, විදේශ රටක සිටි පැමිණි පුද්ගලයෙකු පෙරේදා මෙම වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම පුද්ගලයා ඇසුරු කල එම ගමේ සිටි පුද්ගලයින් 68 දෙනෙකු අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත පුත්තලම සහීරා විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කර නිරෝධානයට ලක් කරන ලදී. එසේ නිරෝධානයට ලක් කල පුද්ගලයින්ගේ ඉල්ලීමකට අනුව ඊයේ දිනයේ ඔවුන්ව විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව කොවිඩ් - 19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ පුද්ගලයින් 10 දෙනෙකු (පිරිමි පුද්ගලයින් 7 දෙනෙකු සහ ගැහැණු පුද්ගලයින් තිදෙනෙකු වශයෙන්) හඳුනාගන්නා ලදී. ඔවුන් අද (01) අලුයම යුද්ධ හමුදාවේ අධික්‍ෂණය යටතේ කොළඹ අයි.ඩි.එච්. රෝහල වෙත ඇතුලත් කළ අතර එම හේතුවෙන්, ක්ෂණිකව තවත් කොවිඩ් - 19 වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා විය.” යනුවෙන් යුද්‍ධ හමුදාධිපතිතුමන් මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

ඒ සමඟම, විශේෂයෙන් සඳහන් කල යුතු කාරණයක් ද වනුයේ පුත්තලම ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයා පසුගිය 17 වන දින ඕ.ඩී. – 185 දරණ මැලේසියන් ගුවන් යානයෙන් ශ්‍රි ලංකාවට පැමිණි බවත් එහි තවත් මගින් 36 දෙනෙකු ඔහු සමඟ එම යානයෙන් ශ්‍රි ලංකාවට පැමිණ ඇති අතර එහි විදේශිකයින් සිව්දෙනෙකු ද සිටි බවත් වාර්ථා වීමයි.

“නමුත්, එම 37 දෙනාගෙන් එක් අයකු පමණක් රෝගය ආසාදනය වී පුත්තලම ප්‍රදේශයෙන් හඳුනාගත් අතර අනෙක් පුද්ගලයින් 36 දෙනාම පොලිසිය හෝ වෙනත් සෞඛ්‍ය බලධාරීන් වෙත පැමිණ මෙතෙක් ලියාපදිංචි වී නොමැත. අප එම සියළුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර හැකිතාක් ඉක්මනින් නිරෝධායන ක්‍රියාවලයට එක්වන ලෙසයි.” යනුවෙන් යුද්ධ හමුදාපතිතුමන් පැවසීය.

“පසුගිය දිනවල බණ්ඩාරගම, අටළුගම ග්‍රාමයත්, අකුරණ ප්‍රදේශය සහ පුත්තලම, කඩයාන්කුලම් ප්‍රදේශයත් සම්පුර්ණයෙන්ම හුදකලා ප්‍රදේශයන් බවට පත් කර එහි නිරෝධායන මධ්‍යස්ථානයන් ස්ථාපිත කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (31) දිනයේදී කොවිඩ් - 19 වෛරසය ආසාධිත වූ පුද්ගලයින් 03 දෙනෙකු අකුරණින් ද, පුත්තලමින් පුද්ගලයින් 10 දෙනෙකු ද බේරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු හඳුනාගන්නා ලද බව” යුද්ධ හමුදාපතිතුමන් පැවසීය.

හෙට සහ අනිද්දා දිනයන්හි ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සැලකෙන පුද්ගලයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම සිදුකිරීමට නියමිතව ඇති අතර ඇඳිරි නීතිය කාලසීමාව තුළදී ඔවුන් බැංකු වෙත ගෙන යාම සහ නැවත පැමිණීම සඳහා ත්‍රිවිධ හමුදාව මගින් ප්‍රවාහන පහසුකම් සංවිධානය කර ඇත. ඒ අනුව, අදාළ ග්‍රාම නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් තම අවශ්‍යතාවයන් ඉටුකරගන්නා ලෙස.” යුද්ධ හමුදාධිපතිතුමන් මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය. Nike footwear | Nike Running