Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2020 20:59:14 Hours

නිරෝධායන ක්‍රියාවලියන්ට භාජනය වූ බොහෝ පිරිස් වෙත සිය නිවෙස් බලා යෑමට ඉඩ ප්‍රස්ථාව උදාවී ඇති බව කොවිඩ් - 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ප්‍රකාශ කරයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (30) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.

දිවයිනේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දිවයින පුරා ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන 48 ක මේ වන විට විදේශිකයන් 18 දෙනෙකු ඇතුළු 1964 ක් පමණ නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටින අතර පූනානී සහ දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථානවල සති දෙකක කාළයක් පුරා නිරෝධායන ක්‍රියාවලය සම්පූර්ණ කළ පුද්ගලයින් 134 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (30) දින සිය නිවෙස් බලා පිටත්ව ගිය බව සඳහන් කළේය. “ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන මගින් නිරෝධානය කරනු ලැබු පුද්ගලයින් 1700 දෙනෙකු මේ වන විට අදාළ වෛද්‍ය ප්‍රතිකාර වලට භාජනය වී නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර ඔවුන් සියලු දෙනා තවත් සති දෙකක කාලයක් තම නිවෙස් වලම රැඳී සිටිම අත්‍යවශ්‍යවේ.” මේ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් එක් කණ්ඩායමක් හෙට සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව ඇත.

තවද, තම නිවෙස් බලා යාමට නොහැකිව සිටි සීතාවක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් 498 දෙනෙකුට සිය ගමනාන්තයන් දක්වා ප්‍රවාහන පහසුකම් සැලසීමට යුද්ධ හමුදාවට හැකි විය. “ප්‍රධාන ගමනාන්ත වෙත යෑමට අපි ඔවුන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා. ඒ වගේම, පුත්තලම කඩුයාමන්කුලම් ප්‍රදේශයේ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ සහ මහජන සෞඛ්‍ය නිලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව එම ප්‍රදේශයේ කොවීඩ් - 19 වෛරසය ආසාධනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 68 දෙනෙකු යුද්ධ හමුදාව වෙතින් වැඩිදියුණු කළ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළා.” යැයි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

යාපනය ප්‍රදේශයේ එක් කොව්ඩ් - 19 වෛරසය ආසාධිත රෝගියෙකු හඳුනාගැනීමත් සමඟ යාපනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක් හුදකලා කිරීමට තීරණය කර ඇත. යාපනය අර්ධද්වීපයේ මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට එය උපකාරී වී තිබේ. මියගිය කෙවිඩ් - 19 වෛරසය ආසාධිත රෝගියාගේ පවුලේ සාමාජිකයන් සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන අටක නිරෝධායන කටයුතු වල යොදවා ඇත.

“මහනුවර අකුරණ ප්‍රදේශය සහ බණ්ඩරගම අටළුවාගම ප්‍රදේශය නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කර තිබෙන අතර කිසිවෙකුට එම ප්‍රදේශයන්ට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර තිබෙනවා. කොවිඩ් - 19 වෛරසය ආසාධනය වී මියගිය නාත්තන්ඩිය ප්‍රදේශයේ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් සහ ඔහු ළගින් ඇසුරු කළ පුද්ගලයින්ද ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා නිරෝධායන ක්‍රියාවලියට භාජනය වන ලෙස අපි ඉල්ලා සිටිනවා.” යනුවෙන් කොවිඩ් 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පැහැදිලි කරන ලදී. best Running shoes brand | Men Nike Footwear