Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2020 20:28:24 Hours

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් විෂබීජ හරණය වෙනුවෙන් සූදානම් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී අවධාරණය කරයි

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (29) සන්ධ්‍යාවේ එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූ අතර ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය ද සහභාගී වූහ.

යුද්ධ හමුදාව වෙතින් මෙහෙයවනු ලබන ගල්කන්ද සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 77 දෙනෙකු අදාළ වෛද්‍ය සහතික සහ නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව අද (29) දින උදෑසන සිය නිවෙස් කරා පිටත්ව ගියහ.

“ඊයේ රාත්‍රියේ අකුරණ, තෙලඹුගහවත්ත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකුට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර මේ පිළිබඳ සිදු කළ සොයාබැලීම්වලදී මෙම පුද්ගලයා මහනුවර සහ අකුරණ ප්‍රදේශවල විවිධ ස්ථානවල නිතර ගමන් කර ඇති බව ද තහවුරු වුණා. ඒ නිසා පූර්වාරක්‍ෂාවක් ලෙස අකුරණ ප්‍රදේශය හුදකලා කොට එම ප්‍රදේශයට ඇතුළු වීම සහ පිටවීම ද තහනම් කර තැබීමට රජය තීරණය කර ඇත. මීට අමතරව, ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ සංචාරය කළ පුත්තලම, කන්දමන්කුලම් ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකුටද මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමෙන් අනතුරුව, මෙම පුද්ගලයා සහ ඔහු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන සියළුම පුද්ගලයින්ද එම නිරෝධායන මධ්‍යස්ථානයේ අද දින සිට දින 14 ක කාලයක් පුරාවට නිරෝධායන කටයුතු වල යෙදවීමට තීරණය කර තිබෙනවා.

“හෙට (30) දින ඇඳිරි නීතිය ඉවත් කිරිමට නියමිත ප්‍රදේශවල එම කාලයේදී, වෛද්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා උපදෙස් පිළිපැදීමටත්, සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සිය දෛනික පාරිභෝගික අවශ්‍යතා සපුරාගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම සියළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ මහජන යහපත සඳහා වන අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව විවිධ ප්‍රදේශවල වාර්ථා වූ සිදුවීම් වැනි දේ සිදු නොවන ලෙස ලබා දී ඇති නිදහස අයුතු ලෙස භාවිත නොකරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවගේම, කිසියම් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනයකට ඔවුන්ගේ ආයතන විෂබීජහරණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවන්, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය අවශ්‍ය නම් ඔවුන්ට අප හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදි අවධාරණය කළේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් “2020 මාර්තු මාසයේ 10 න් පසු ඕනෑම විදේශීය රටකින් ආපසු පැමිණෙන සියළුම පිරිස් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට භාජනය කිරීම අනිවාර්යයි. ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට භාජනය නොවී සිටීම මෙම වෛරසය පැතිරීම උග්‍ර කළ අතර එසේ කිරීමෙන් වැළකී සිටින ලෙස දන්වා සිටිනවා. එවගේම, එසේ කරන අයවළුන් හට රටේ අපරාධ නීතිය සහ බෝවන රෝග වැළැක්වීමේ පණත යටතේ නඩු පැවරිය හැකියි. ස්වයං නිරෝධායනය සඳහා ඔබට දැන් 1933 අමතා අවශ්‍ය සියළු ආධාර ලබා ගත හැකියි. සමාජ මාධ්‍ය ජාල හරහා ව්‍යාජ හෝ අසත්‍ය ප්‍රවෘත්ති පතුරවන සියලු දෙනා අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලබන අතර නිරෝධායන ක්‍රියාවලිය යටතේ සිටින සියල්ලන්ම වෛද්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් එතුමන් එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහතා සඳහන් කළේ, “ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙකුට මෙම වෛරසය ආසාදනය විය හැකි බව හා මෙම වෛරස් තත්ත්වයෙන් අපගේ ජනගහනයෙන් 15% වක ප්‍රතිශතයක් වන වැඩිහිටියන් රැකබලා ගැනීම අපගේ යුතුකම ද වන අතර තවද අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා වැනි බෝ නොවන රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අයවළුන් සහ විවිධ සැත්කම් වලට භාජනය වී ඇති පුද්ගලයින් සඳහා මෙම වෛරසය ආසාදනය වූවහොත් එය ඉතා අවදානමක් විය හැකි බවත් වයස අවුරුදු 60 ට වැඩි අය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටීමට කටයුතු කළ යුතු බවයි. Running sport media | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News