Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2020 19:17:50 Hours

නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ තෙවන කණ්ඩායමට සිය නිවෙස් බලා යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සුදානම් කර ඇති බව යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (25) දින පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

“යුද හමුදාව විසින් පාලනය කරන ලද පූනානි සහ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථාන වල දින 14 ක් පුරා පැවතී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු බ්‍රහස්පතින්දා (26) දින 3 වන කණ්ඩායමට සිය නිවෙස් බලා පිටත්ව යාමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර තිබේ. එසේම, අද (25) උදෑසන නිරෝධන ක්‍රියාවලියට ලක්වූ පුද්ගලයින් 144 දෙනෙකු යුද හමුදාව විසින් සපයන ලද බස් රථ සහ ට්‍රක් රථ මගින් සිය නිවෙස් බලා පිටත් වූවා. නිරෝධායන මධ්‍යස්ථාන 46 ක විදේශිකයන් 31 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3086 ක් තවමත් නිරෝධායන ක්‍රියාවලියට ලක්ව සිටියි. මාර්තු 01 දා සිට 15 වෙනිදා දක්වා විදේශීයන්හි සිට මෙරටට පැමිණි සහ මෙරටදී හඳුනාගත් 20,000 කට ආසන්න පිරිසක් අතරින් මේ වනවිට 7500 ක පමණ ප්‍රමාණයක් තවදුරටත් ස්වයං සහ නිවාස ආශ්‍රිත නිරෝධායනයට ලක් කරමින් සිටිනවා.” යනුවෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

අද (25) දින මේ වන විට කොවීඩ් - 19 වෛරසය ආසාදනය වූ කිසිම රෝගියෙකු වාර්තා නොවූ බවත්, සිය දහස් ගණනින් මෙම රෝගය ලොව පුරා පැතිරී යන අවස්ථාවක මෙරට පවතින තත්ත්වය මුළු ලොවටම ආදර්ශයක් වන බැවින්, “අප විසින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරව පිළිපදින ලෙස අපි තවමත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව අමතමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

එමෙන්ම මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කළේ සෑම තැනකම අඛණ්ඩව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවයි. එහිදි සැක සහිත රෝගීන් 255 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 1500 කට ආසන්න සංඛ්‍යාවක් පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුවිපරම් කරනු ලබන බවත් මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ හෝටල්වලට පමණක් සීමා වී සිටින විදේශිකයන් 900 කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් එම ස්ථානවලම රැදීසිටිම වැදගත් බවද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම වැඩිදුරටත් පැවසීය.   affiliate link trace | Men's Footwear