Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2020 14:13:38 Hours

පාකිස්ථාන නාවික මාණ්ඩලික ප්‍රධානීට යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූල උණුසුම් පිළිගැනීමක්

ශ්‍රි ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය වෙත අද (27) දින සපැමිණි පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සෆර් මහමුද් අබ්බාසි, එන්.අයි (එම්) (Naval Staff Admiral Zafar Mahmood Abbasi) වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් හමුදා සම්ප්‍රදායානූකූල ඉතා උණුසුම් පිළිගැනිමක් ලබා දෙන ලදී.

පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වරයා මුලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි කර්නල් ඉන්දික පෙරේරා විසින් පිළිගැනිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් බී.වී.ඩී.පී අබේනායක ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිසක් විසින් රෙජිමේන්තු වර්ණවලින් හා කණ්ඩුල හස්ති රාජයා පෙරටු කරගත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් වෙත පිරිනමනු ලැබීය. මෙහිදි කණ්ඩුල හස්ති රාජයාට පළතුරු සංග්‍රහ කිරීමට ද පාකීස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් කටයුතු කරන ලදී.

හමුදා ගෞරවාචාර අවසන් වීමෙන් පසු එතුමන්ව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදා මූලස්ථානය වෙත සාදරයෙන් පිළිගත් අතර, අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ව (PSO) එතුමන් වෙත හඳුන්වා දෙන ලදී.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති සුහද හමුවේදී අන්‍යෝන්‍ය උනන්දුව, සමුද්‍රීය ගැටළු සහ මුහුදු මාර්ගවල අභියෝග සහ පාකිස්ථානයේ සන්නද්ධ හමුදා සහ ශ්‍රී ලාංකික හමුදා අතර පවත්නා ද්විපාර්ශවික සහයෝගීතා ව්‍යාපෘතීන් පිළිබදව වැඩි අවධානයක් යොමු විය.

මෙම සුහද සාකච්ඡාව අවසානයේ දෙරට අතර පවතින ද්විපාර්ශවික අවබෝධයේ සංකේතයක් වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පාකිස්තාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ද පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන් සමරු තිළණයක් පිරිනමන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කිරිම සඳහා සමූහ ඡායාරූපයකට පෙනි සිටිම සඳහා ද පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී එක්විය. අනතුරුව එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයෙන් පිටව යෑමට මත්තෙන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තබනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ආරාධනයෙන් පාකිස්ථානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි (Admiral Zafar Mahmood Abbasi) ශ්‍රී ලංකාවට පැමිණි අතර එතුමන් දින පහක් (ජනවාරි මස 25 සිට 29 දක්වා) කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටිමට නියමිත අතර එම කාලය තුළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, නාවික හා ගුවන් හමුදාපතිවරුන් ඇතුළු තවත් කිහිප දෙනෙකුන් හමුවීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සාජාඩ් අලි (Colonel Sajad Ali, Defence Adviser) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

වර්ෂ 2017 ඔක්තෝබර් මස 7 වන දින සිට පකිස්‍ථාන ඉස්ලාමීය ජනරජයේ නාවික මාණ්ඩලික ප්‍රධානී ලෙස අද්මිරාල් සෆාර් මහමුද් අබ්බාසි (Admiral Zafar Mahmood Abbasi) එන්අයි (එම්), එච්අයි (එම්), එස්අයි (එම්) රාජකාරි ඉටු කරනු ලබයි.

සෆර් මහමුද් අබ්බාසි (Admiral Zafar Mahmood Abbasi) එන්අයි (එම්) වර්ෂ 1981 ජුනි මාසයේදී පාකිස්ථාන නාවික හමුදා මෙහෙයුම් ශාඛාව මගින් අධිකාරියට පත් කරන ලද අතර, ඔහු තම මූලික පුහුණුව එක්සත් රාජධානියේ ඩාර්ට්මූත් හි බ්‍රිටැනියා රාජකීය විද්‍යාලයේ තුළින් සිදු කරන ලද අතර පුහුණුව අවසානයේදී සෑම අතින්ම අතීශූර නාවික හමුදා නිලධාරීයා වෙත පිරිනමනු ලබන අසිපත මධ්‍ය නැවි නිලධාරීයෙකු (Midshipman) වශයෙන් පාකීස්ථාන නාවික හමුදා විද්‍යාපිඨයෙන් දිනාගන්නා ලදී.

ඔහුගේ නාවික හමුදා සේවා කාලය තුළ පුහුණුමය, ක්‍රියාන්විතමය සහ අණදීමේ ආදී තනතුරුහී විශාල අද්දැකිම් ප්‍රමාණයක් ගොනුකොට ගෙන ඇත. හෙතෙම හෙඹවූ අණදීම් තනතුරු අතර එම්සීඑම්වී (පීඑන්එස් මුජහිඩ්), ඩිස්ට්‍රෝයර් (පීඑන්එස් කයිබාර්), 25 වන ඩිස්ට්‍රොයර් බලඝණය, පාකිස්ථාන නාවික විද්‍යාපීඨයේ සේනාවිධායක, පාකිස්ථාන නාවික බලඇණියේ ආඥාපති, පාකිස්ථාන වෙරළ තීරයේ ආඥාපති, භඨකාර්ය සම්පාදන ආඥාපති, පකිස්ථාන සමුද්‍රීය ආරක්‍ෂක ඒජන්සිය සහ බහුජාතික ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (සීටීඑෆ් - 150) සඳහන් කළ හැකි අතර, මාණ්ඩලික තනතුරු ලෙස නාවික බලඇණි ටෝර්පිඩෝ සහ ප්‍රති විරෝධි සබ්මැරීන් නිලධාරි, නාවික යුද මෙහෙයුම් සැලසුම් අධ්‍යක්‍ෂක, සහකාර නාවික මාණ්ඩලික ප්‍රධානී (සැලසුම්), ප්‍රධාන පොලිස් පරීක්ෂක (නාවික) සහ නියෝජ්‍ය නාවික මාණ්ඩලික ප්‍රධානී (මෙහෙයුම්) ඇතුළත් වේ තවද එතුමන් නාවික මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වීමට ප්‍රථම ඉස්ලාමාබාද්හි පිහිටි නාවික මූලස්ථාන මාණ්ඩලික ප්‍රධානී තනතුර හොඹවනු ලැබීය.

එතුමන් රාජකීය ඕස්ට්‍රේලියානු නාවික මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු මෙන්ම ඉස්ලාමාබාද් හි ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් සන්නද්ධ හමුදා යුද පාඨමාලාවට සුදුසුකම් ලබා ඇති අතර ඉස්ලාමාබාද් හි ක්වයිඩ්-ඊ-අසාම් විශ්ව විද්‍යාලයෙන් ද යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ඔහුගේ විශිෂ්ට සේවය සහ කැපී පෙනෙන ක්‍රියාකාරිත්වය අගයමින් නිෂාන්-අයි-ඉම්ටියාස් (යුද්ධ හමුදා) Nishan-i-Imtiaz (Military), හිලාල්-අයි-ඉම්ටියාස් (යුද්ධ හමුදා) Hilal-i-Imtiaz (Military) සහ සිතාරා-අයි-ඉම්ටියාස් (යුද්ධ හමුදා) Sitara-i-Imtiaz (Military) පදක්කම් ප්‍රදානය කර ඇත. ඔහුට ‘අබ්දුල් අසීස් කිං ඔෆ් විශිෂ්ටතා පදක්කම ‘ (සවුදි අරාබිය) සහ 'ද ලෙජියන් ඔෆ් මෙරිට් (තුර්කිය) පදක්කම් ද පිරිනමා ඇත. එතුමන් දියණියන් දෙදෙනෙකු සහ ආදරණීය පුතෙකුගේ සෙනෙහෙබර පියෙකු ද වේ.Authentic Nike Sneakers | M2k Tekno