Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2019 07:38:21 Hours

ශාන්ත මරියා දෙව්මැදුරේදී දැවැන්ත නත්තල් බැති ගී ප්‍රසංගයක් පැවැත්වීමට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහාය

දැවැන්ත හා දර්ශනීය ත්‍රයි භාෂා නත්තල් බැති ගී ප්‍රසංගයක් ඉකුත් සෙනසුරාදා (14) දින විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය ශාන්ත මරියා දෙව්මැදුරේ දී පැවැත්විණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 55, 51 හා 52 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් සහ සෙසුනිලයින් කණ්ඩායමක් දෙව්මැදුරේ පියතුමන් සමඟ සාකච්ඡා කර මෙම දැවැන්ත උත්සවය සංවිධානය කිරීමට පෙරමුණ ගත්තේය.

යාපනය තරු අනුනායක රදගුරු අති උතුම් ආචාර්ය පී. ජේ. ජෙබරත්නම් පියතුමන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාමය පිළිබඳ පණිවුඩය කියවීමෙන් අනතුරුව මෙම උත්සව කටයුතු ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යාපනයේ රදගුරු අති උතුම් පූජ්‍ය ආචාර්ය ජස්ටින් බී. ඥාණප්‍රයාසම් පියතුමන්ව, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සමගින් 55, 51 සහ 52 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සිසු සිසුවියන් සහ අනෙකුත් කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද නත්තල් ක්‍රීඩා, නාට්‍ය, විනෝදාත්මක වැඩසටහන් ඇතුළු නත්තල් අංග කිහිපයක් මෙම වැඩසටහන අලංකාරවත් කරන ලදී. යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ගීතිකා කණ්ඩායම යා/නල්ලුර් ශාන්ත බෙනඩික්ට්ස් රෝමානු කතෝලික විද්‍යාල, නාවන්තුරෙයි ශාන්ත නිකලස් දේවස්ථානය, ශාන්ත මරියා යෞවන දෙව්මැදුර හා ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම් සමඟ එක්ව නත්තල් බැති ගී ගායනා කර නල්ලුර් හිමාලයා නර්ථන කණ්ඩායමේ රංගනයෙන් මෙම උත්සවය වර්ණවත් කළහ.

මෙම වැඩසටහනට ආගම් හතරේම පැමිණි සම්භාවනීය අමුත්තන්ගේ ගෞරවයට පාත්‍ර විය.

යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය ඉන්දීය කෞන්සිල් ජෙනරාල්, ත්‍රිවිධ හමුදා හා පොලිසියේ නිලධාරීන්, අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් ආධ්‍යාත්මික හා රිද්මයානුකූල දර්ශන දැක බලාගැනීම සඳහා පැමිණ සිටියහ.Sport media | Sneakers