Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2019 13:05:17 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් පම්පුකර් ප්‍රදේශයේ ළමුන් සඳහා නව පෙර පාසලක්

උතුරේ හමුදාවන් අඛණ්ඩ සිදුකරනු ලබන මානුෂීය හා මූලික සුභසාධන ප්‍රජා ව්‍යාපෘති අගය කරමින් උතුරේ ව්‍යාපෘති සඳහා වැඩි වැඩියෙන් විදේශිකයන් ස්වේච්ඡාවෙන් සිය අනුග්‍රහය සහ නොමසුරු සහයෝගය ලබාදීමට ඉදිරිපත් වන අතර යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මූලිකත්වයෙන් අරාලි, පම්පූකර් ප්‍රදේශයේ ළමුන් සඳහා බෙහෙවින් අවශ්‍ය පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මූල්‍ය ආධාර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ හිතවතෙකු වන එක්සත් ජනපදයේ පදිංචි ආචාර්ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතා විසින් ලබාදුන්හ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ අධීක්‍ෂණය යටතේ 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 12 වන ගැමුණු හේවා බලකායේ සහ 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණය සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් පම්පූකර් නව පෙර පාසල ඉදිකරන ලදී.

52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සේන වඩුගේ ගේ මඟපෙන්වීම යටතේ බ්‍රහස්පතින්දා (12) දින සංවිධානය කරන ලද කෙටි උත්සවයකදී අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල පරිත්‍යාගශීලි ආචාර්ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ සුරතින් විවෘත කෙරිණි. මෙම සමාරම්භක උත්සවය සඳහා 523 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් රාජපක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ආචාර්ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතා, ගුරුවරුන්, යුද්ධ හමුදා සාමාජිකයින්, ළමුන් සහ දෙමාපියන් සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ගුරුවරුන්, දෙමාපියන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් මධ්‍යයේ අභිනවයෙන් ඉදිකළ පෙර පාසල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පෙර පාසලේ ළමුන් ඔවුන්ගේ කලා කුසලතා ප්‍රදර්ශනය කිරීමේ විවිධ ප්‍රසංගයක් පැවැත්වූහ. Running Sneakers Store | Footwear