Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2019 09:11:34 Hours

රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේ කලාත්මක හා නිර්මාණාත්මක කුසලතා මහජන ප්‍රදර්ශනයට

සදාචාරාත්මක ප්‍රබෝධයක් ලබාදෙමින්, රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ සහජ සෞන්දර්යාත්මක කුසලතා හඳුනාගැනීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද සුවතා නිකේතනයන්හී නේවාසිකව ප්‍රතිකාර ලබන සහ පුනරුත්ථාපනය වන රණවිරුවන් අතින්ම නිම වූ අත්කම්, චිත්‍ර සහ මූර්ති වලින් සමන්විත ‘උට්ඨානවීර්ය’ නම් දැවැන්ත කලා ප්‍රදර්ශනය අද (12) සන්ධ්‍යාවේ කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ පිහිටි ජේ.ඒ.ඩී. පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ගේ සුරතින් විවෘත කෙරිණි.  

මෙම ‘උට්ඨානවීර්ය’ (නොපසුබට උත්සාහය) නම් ‘කලා හා මූර්ති ප්‍රදර්ශනය -2019’ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද අතර පුනරුත්ථාපන කටයුතුවල යෙදී සිටින වීරෝධාර රණවිරුවන්ගේ භාවමය හැකියාවන් සෞන්දර්යාත්මක, නිර්මාණාත්මක හා කලාත්මක කුසලතා තුළින් ප්‍රකාශනය විය යුතු බව අවධාරණය කළේය.

විධායක ජෙනරාල් ශාඛාව පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩල සමඟ සුසංයෝගයෙන් විවිධ හැකියාවන් සහිත යුද වීරුවන්ගේ හැකියාවන් හා කුසලතා වැඩි දියුණු කිරීම හා අගය කිරීම අරමුණු කරගෙන කරනු ලබන මෙම ප්‍රදර්ශණය තුලින් චිත්‍ර, කලා, මූර්ති, ලී කැටයම්, රූප සිතුවම් වෙනුවෙන් නිර්මාණාත්මක කුසලතාවයන් දක්වන රණවිරුවන්ගේ හැකියාවන් ප්‍රකට කිරීම සහ එම කලා නිර්මාණයන් ප්‍රදර්ශණය කිරීමට අවකාශය මේ තුලින් උදාවනු ඇත.

මෙම ප්‍රදර්ශනය සිකුරාදා (13) දින රාත්‍රී 8.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතින අතර එහිදී ලී කැටයම් 34 ක්, සිතුවම් 172 ක්, අත්කම් 203 ක්, මූර්ති 15 ක් සහ තවත් නිර්මාණ 23 ක් ප්‍රදර්ශනය වනු ඇත. මෙම නිර්මාණ සම්පූර්ණයෙන්ම ‘රණවිරු සෙවණ’, අභිමන්සල 1,2,3 සහ අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුරතින් නිම වී ඇත.

විවිධ හැකියාවන් සහිත රණවිරුවන් අතින් නිමවූ නිර්මාණ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ගේ නිරීක්‍ෂණය කළ අතර එහිදි ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් සහ එම නිෂ්පාදන සඳහා භාවිතා කරන ලද අමු ද්‍රව්‍ය හා වෙනත් අදාළ කරුණු පිළිබඳවද විමසනු ලැබීය. එහිදී එතුමන් ප්‍රදර්ශන ශාලාව තුළ රැඳී සිටි කාලය තුළ එම නිර්මාණයන් කල රණවිරුවන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගැනීමට ද කටයුතු කළේය.

රණවිරුවන්ගේ හැකියාවන් එළි දැක්වීම වෙනුවෙන් පැවති එම සමාරම්භක උත්සව අවස්ථාව සඳහා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල්, ප්‍රධාන සංඥා නිලධාරී, විධායක ජෙනරාල්, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින්, කනිෂ්ඨ නිලධාරින් සහ එම වීරෝධාර රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්ද පැමිණ සිටියහ. Best jordan Sneakers | Air Jordan Release Dates 2020