Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2019 20:34:15 Hours

ගුවන් හමුදා විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් ‘කොළඹ ගුවන් හමුදා සම්මන්ත්‍රණය’ ඇරඹේ

‘Colombo Air Symposium 2019’ ‘කුඩා ගුවන් හමුදාවක්: අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීමේ ඉදිරි මාවත’ යන තේමාව යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින උදෑසන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් භෝජන සංග්‍රහ සහ සම්මන්ත්‍රණ ශාලාවේදී ගුවන් හමුදා මෙහෙයුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

පස්වන වරටත් පවත්වනු ලබන ‘Colombo Air Symposium 2019’ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ගේ උපදෙස් හා සැලැසුම් මත පැවැත්වෙන අතර එම අවස්ථාව සඳහා හමුදා නායකයින්, තාක්ෂණික විශේෂඥයින් සහ ගෝලීය නව චින්තන පුරෝගාමින් ඇතුළු ලොව විවිධ රටවල් නියෝජනය කරනු ලබන රාජ්‍ය තාන්ත්‍රිකයින් 40 දෙනෙකු සහභාගී විය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, විදේශ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වූ අතර මෙම සම්මන්ත්‍රණය සිකුරාදා (25) දින දක්වා පැවත්වෙයි.

මෙම සැසිවාරය වෙනුවෙන් සහභාගී වූ විද්වතුන් කිහිපදෙකු සමඟ සුහඳ පිළිසඳරක නිරත වීමේ දුර්ලභ අවස්ථාවද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හිමි වූ අතර එහිදී එම විද්වතුන්ගෙන් කිහිපදෙනෙකුම යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය සුභ පැතුම් එක් කිරිමට ද කටයුතු කළේය. මෙම සම්මන්ත්‍රණය තුළින් පොදු අභියෝගයන්ට මුහුණ දීම සඳහා ගෝලීය වශයෙන් ගුවන් බල ව්‍යාප්ත කිරිමේ අරමුණින් මෙහි සපැමිණි විශේෂඥයන් සිය දැනුම් හා අත්දැකීම් සම්භාරයන් හුවමාරුකර ගැනීමට අපේක්‍ෂා කරයි. ඒ අනුව මෙම ගුවන් හමුදා සම්මන්ත්‍රණය ජාතික, කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබදව පොදු වේදිකාවක් මත සාකච්ඡා කෙරෙන මෙන්ම ගෝලීය විශේෂඥයින් එක් කරන ප්‍රමුඛ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ලෙස ද හැදින්වේ.

මෙයට පෙර පවත්වන ලද ගුවන් හමුදා සම්මන්ත්‍රණයන් තුළින් ලබාගත් පන්නරයන් උපයෝගී කරගනිමින් ගුවන් හමුදාව වෙනස්කම් රැසක් සිදුකර තිබේ. ඒ අතරින් ගුවන් හමුදා නව ප්‍රතිපත්ති ඉදිරිපත් කිරිම මෙන්ම 3 වන සමුද්‍රීය බලඝණය පිහිටුවීම ආදිය ගෙනහැර දැක්විය හැක. Nike shoes | Hats to Match Jordans Hyper Royal Bulls Hat