Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2019 17:35:08 Hours

"ආගමික විශ්වාසයන් නොසලකා එකමුතුකම අපගේ ශක්තියයි” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් මාධ්‍යයට පැවසීය

“හමුදාව යනු සියලු ජනවර්ගයන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් වන අතර ආගම්, කුල හෝ ජාති භේදයකින් තොරව අපි වැඩ කරන්නෙමු. බලවත් සංවිධානයක් ලෙස අපගේ ශක්තිය හා එකමුතුකම පවතින්නේ එතැනය. ඔබ කුමන ආගමක් විශ්වාස කළත් ඔබගේ ආගමික විශ්වාසයන් නොතකා අපි සියලුදෙනාම එක් ශ්‍රී ලංකාවක සාමාජිකයන් ලෙසත් ශ්‍රී ලාංකිකයන් ලෙසත් එකට සිටිමු.” යැයි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (03) දින උදෑසන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවට සහභාගී වූ මාධ්‍යවේදින් හමුවේ පැවසීය.

“යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කිරීම සඳහා මෙන්ම මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට පිං පැමිණවීම සඳහාත් ආබාධිත රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරීම සඳහාත් අප පූජනීය ස්ථාන, පන්සල්, කෝවිල්, මුස්ලිම් පල්ලි සහ කිතූනු දේවස්ථාන තෝරා ගන්නේ එබැවිනි. හමුදාව සෑම ආගමකටම දැඩි ලෙස ගරු කරන අතර හමුදාව තුළ ඔවුන්ගේ අභිමතාර්ථයන් අනුගමනය කිරීමට පූර්ණ නිදහස ඇත. කුඩා රටක් වශයෙන් අප ශ්‍රී ලාංකිකයන් ලෙස අත්වැල් බැඳ ගත යුතු අතර අපගේ ඉලක්ක කරා ළඟා විය හැක්කේ එවිට පමණි. හමුදාව මේ රටේ සියලුම ජනවර්ගයන්ට අයත් වන අතර අපට එක්සත් ජාතියක් හා ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යාමට සිදුවනු ඇත.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පෙන්වාදුන්හ.

මෙහිදී පැවැති ඉස්ලාමීය යාඥාව අතරතුරදී, සැබෑ මුස්ලිම් මිනිසෙකු කිසිවිටෙකත් වෙනත් කෙනෙකුගේ ජීවිතය කිසිදු හේතුවක් නිසා බිලිගැනීමට උත්සාහ නොකරන බවත්, මුස්ලිම්වරයෙකු අනෙක් අයට වඩා වෙනස් වන්නේ එතැන බවත් සලමන් ඉසදීන් ඉමාම් මවුලවිතුමන් සිය ‘බයන්’ දේශනයේදී තරයේ ප්‍රකාශ කළේය. affiliate link trace | GOLF NIKE SHOES