Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2019 10:23:34 Hours

නව පත්වීම් ලැබූ ගුරුවරුන් 1139 දෙනෙකුට විශේෂ හමුදා පුහුණු වැඩසටහනක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ‘නායකත්වය’ සහ ‘ධනාත්මක ප්‍රවේශයන් හා ආකල්ප’ පිළිබඳ දින පහක නේවාසික පුහුණු වැඩසටහනක් සැප්තැම්බර් මස 20 දින සිට 26 දින දක්වා යුද්ධ හමුදා පුහුණු පාසල් පහක උපාධිධාරී ගුරුවරුන් 1139 දෙනෙකු සඳහා පවත්වන ලදී.

අංක 1 (අ) කාණ්ඩය යටතේ ගුරු සේවයේ නිරතවීමට නියමිත 3 ශ්‍රේණියේ ගුරුවරුන් ලෙස උතුරු හා නැගෙනහිර පළාත්හි දිස්ත්‍රික් මට්ටම් පදනම් කරගනිමින් බඳවාගත් ගුරුවරුන්ට ‘නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම’, ‘සමාජ විනය’, ‘නිපුණතා සංවර්ධනය’, ‘මානසික සංවර්ධනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදී ඇත. අභියෝගයන්ට මුහුණදීම සහ ‘ශාරීරික යෝග්‍යතාව’ යනාදිය පිළිබඳ මෙන්ම විෂයන්ට සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික අංශ පිළිබඳව ද ඔවුන්ට එහිදී ඉගෙනීමට අවස්ථාව ලැබීණී.

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂකගේ උපදෙස් පරිදි මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය (120), කාලතුවක්කු පුහුණු පාසල (215), ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය (410), ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය (259) සහ කලත්තෑව සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය (135) වෙතින් එම පුහුණුව හැදෑරු එම උපාධි අපේක්ෂකයින්ට අවශ්‍ය නවාතැන් පහසුකම් ලබාදෙනු ලැබීය. Authentic Nike Sneakers | Nike