Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2019 13:23:34 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම් සුගතදාස ක්‍රීඩාංගණයේදී තරඟවදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලිය - 2019 සහ අන්තර් ඒකක දැල්පන්දු තරඟාවලියේ අවසන් තරඟ ඉකුත් බදාදා (25) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ක්‍රීඩාලෝලීන් සහ ප්‍රේක්‍ෂකයින් අමන්දානන්දයට පත් කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා පාබල හමුදාව අතර පැවැති අවසන් වෙලිබෝල් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් ඒකක නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 20 ක් ‘අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලියේ - 2019’ සඳහා මෙවර සුපර් ලීග් සහ ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ කළහ. කෙසේ වෙතත්, තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සමත්විය.

කාන්තා අන්තර් ඒකක වොලිබෝල් සහ දැල්පන්දු තරඟාවලිය සඳහා කාන්තා කණ්ඩායම් 5 ක් තරඟවැදුණු අතර 4 වන ශ්‍රී ලංකා කාන්තා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම කාන්තා වොලිබෝල් අවසන් තරඟයට සුදුසුකම් ලැබීය. එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම පරාජයට පත් කරමින් කාන්තා වොලිබෝල් ශූරතාවය හිමිකරගැනීමට 4 වන ශ්‍රී ලංකා කාන්තා බලකා කණ්ඩායම සමත්විය. කෙසේ වෙතත්, දැල්පන්දු අවසන් තරඟයට 4 වන ශ්‍රී ලංකා කාන්තා බලකා කණ්ඩායම සහ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සුදුසුකම් ලැබූ අතර දැල්පන්දු තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට 4 වන ශ්‍රී ලංකා කාන්තා බලකා කණ්ඩායම සමත්විය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න විසින් පැමිණ සිටි ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව අවසන් තරඟ ආරම්භ විය. තරඟ අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ජයග්‍රාහකයින් වෙත කුසලාන, මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක තුමන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම වාර්ෂික තරඟාවලියේ සමාප්තිය ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක විසින් ස්තූති කථාව සිදු කළේය. latest Nike release | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals