Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2019 10:48:28 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් යාපනයේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සමඟ සුහදව අදහස් හුවමාරු කරගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසුව යාපනයේ සිදුකළ පළමු නිල සංචාරය අතරතුර ඉකුත් සිකුරාදා (20) දින යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් හමුවිය.

මෙහිදී, අර්ධද්වීපයේ ප්‍රතිසන්ධානයේ ප්‍රගතිය, යුද්ධ හමුදාවේ මානුෂීය ව්‍යාපෘති, සිවිල්-හමුදා ව්‍යාපෘති, ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය, සමාජ-සංස්කෘතික වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, නිවාස ඉදිකිරීම සහ දිළිඳුකම පිටුදැකීම ආදී කරුණු පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය. තවද, ආණ්ඩුකාරවරයා ආරක්‍ෂක හමුදාවන්ගේ කැපවීම පිළිබඳව සිය ප්‍රසංශාව පළ කළ අතර යුද්ධ හමුදාවේ පළපුරුදු සොල්දාදුවෙකු ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරී භාරගැනීම පිළිබඳව ද සිය උණුසුම් සුබ පැතුම් එක් කළේය.

ජනතාවගේ පොදු යහපත උදෙසා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඉටුකරනු ලබන කාර්යභාර්ය පිළිබඳව ආණ්ඩුකාරවරයා ප්‍රශංසා කළේය. මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් ආණ්ඩුකාරවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ද සහභාගි විය. Sportswear Design | Nike Air Max