Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2019 07:47:32 Hours

ඉදිකරමින් පවතින අකුරේගොඩ නව යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ යුද්ධ හමුදාධිපතිතුමන් සංචාරය කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් අඟහරුවාදා (17) දින සවස අකුරේගොඩ නවතමයෙන් ඉදිකරමින් පවතින යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉදිකරනු ලබන කාණ්ඩ (blocks) 6 සහ 7 කඩිනමින් නිමකර යුද්ධ හමුදාවට එහි ස්ථානගත වීමට අවශ්‍ය ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීය.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිකරමින් පවතින නව යුද්ධ හමුදා මූලස්ථානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් රොෂාන් පතිරාජ සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සමඟ ගොඩනැගිලි සංකීර්ණයේ බොහෝ දුරට නිම කර ඇති කොටස් පිළිබඳව සෘජුවම විස්තර කරමින් එම පරිශ්‍රයේ ඉදිකිරිම් පිළිබඳව විශේෂ නිරීක්‍ෂණයක නිරත විය. එහිදි මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධ අධ්‍යක්‍ෂ ජෙනරාල් මාණ්ඩලික, උපකරණ මාස්ටර් ජෙනරාල්, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, ඉඩම් හා දේපළ භට නිවාස අධ්‍යක්‍ෂ, 14 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ද එක් විය.

තවද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි වැඩ අවසන් කිරිමට ආසන්න යුද්ධ හමුදාව ස්ථානගත කිරිමට නියමිත ගොඩනැගිලි තුළ සමීප නිරික්‍ෂණයක යෙදෙමින් තව සති කිහිපයක් ඇතුළත එහි ස්ථානගත වීමට හැකි බවට විශ්වාස පළ කළේය. පසුව යුද්ධ හමුදා ප්‍රධානී එම ස්ථානයෙන් නික්මයෑමට මත්තෙන් සිදු කළ යුතු ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ කෙටි පැහැදිලි කිරිමක් සිදු කළේය.

මෙම සංචාරය දින කිහිපයකට පෙර ආරක්‍ෂ අමාත්‍යාංශයේ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටෙගොඩ මහතා මුලසුන හෙඹවූ පැවති සාකච්ඡාවක දී සිදු කිරිමට තීරණය කරනු ලැබිණි. latest Running Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger