Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2019 20:28:01 Hours

දියකාවා යුද පුහුණු අභ්‍යාසයේදී බණ්ඩාරනායක ජත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ රදවා සිටි ප්‍රාණ ඇපකරුවන් මුදාගැනිමේ මෙහෙයුමක්

මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ ප්‍රවීනයන් මෙන්ම බලහත්කාරයෙන් පුද්ගලයින් රැගෙන යන්නන් මුදවා ගැනීමට විශේෂ දක්‍ෂතාවයන් ඇති කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් සහ චීනය, මැලේසියාව, මාලදිවයින සහ පාකිස්තානය යන රටවල හමුදා සාමාජිකයින් සමඟ එක්ව සඳුදා (16) දින දහවල් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක් දියත් කරමින් බණ්ඩාරනායක ජත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත කඩා වැදී එහි ප්‍රධාන ශාලාවේ ත්‍රස්තවාදීන් 17 දෙනෙකු විසින් ගිනි අවි එල්ල කරමින් රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 44 දෙනෙකු නිරුපද්‍රිතව බේරගැනීමට සමත් විය.

10 වන ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළු සැසිවාරයේ දී උපකල්පිත ලෙස නිර්මාණය කරන ලද 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ දක්‍ෂ භටයින් විසින් සිදු කරනු ලැබු පුහුණු මෙහෙයුම නැරඹීම සඳහා ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුනරත්න, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, අභ්‍යාස අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් පැමිණියහ.

මෙහිදි ප්‍රථමයෙන් ත්‍රස්තවාදීන්ට දුරකථන ඇමතුමක් ලබාදී අනතුරු අඟවමින් කියා සිටියේ එම ප්‍රාණ ඇපකරුවන් කඩිනමන් මුදා හරින ලෙසයි. එයට ත්‍රස්තවාදීන් සවන් නොදීම හේතුවෙන් හමුදා භටයින්ට ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව නිදහස් කර ගැනීම සඳහා ඉතා සූක්‍ෂම පුහුණු මෙහෙයුමක් දියත් කිරීමට සිදුවිය. එහිදී නගරබද සටන් ශිල්පීය ක්‍රම පිළිබඳ පළපුරුදු ස්නයිපර් කුසලතා සහ හෙලි ට්‍රැපලින් ශිල්පීය ක්‍රම ද මනා ලෙස ප්‍රගුණ කළ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සොල්දාදුවන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් මගින් ලබා දුන් සහයෝගය ද ඇතිව එම පිරිස නිරුපද්‍රිතව බේරාගන්නා ලදී. short url link | New Releases Nike