Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2019 15:36:18 Hours

'ත්‍රස්තවාදයේ’ විවිධ පැතිකඩ පිළිබඳ මනා අවබෝධයක් ලබාගනිමින් 9 වන ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ සාර්ථකව අවසන් වෙයි

‘ලොවපුරා විසිර පැතිර සිටින ආරක්‍ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්‍ෂක විශේෂඥයන් ඇතුළු සන්නද්ධ හමුදා සාමාජිකයින් 800 ක පමණ සහභාගිත්වයෙන් ‘සමකාලීන ආරක්‍ෂක වටපිටාව තුළ විකාසනය වන හමුදාමය විශිෂ්ටත්වය’ යන තේමාව ඔස්සේ මෙවර පැවැති ‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ අගෝස්තු මස 30 දින සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සාර්ථකව නිමාවට පත්වු අතර එහිදි සහභාගි වූ විද්වතුන් රැසක් ලොව පුරා ත්‍රස්තවාදී උවදුරට, සහයෝගයෙන් යුතුව පුළුල් උපායමාර්ගික හා ප්‍රයෝගික විසඳුම් සෙවීමේ ප්‍රයත්නයක් සමඟ ඉදිරියට යාමට තීරණය කළහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයෙන් ඉකුත් සිකුරාදා (30) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාථ ආර්යසිංහ මහතා (Ravinatha Aryasinha) විසින් මෙම ආරක්‍ෂක සම්මන්ත්‍රණයේ සමාප්ති දේශනය සිදුකරමින් සමකාලීන ආරක්‍ෂක අභියෝග, ‘ත්‍රස්තවාදයට එරෙහිව මානව හිමිකම් ආරක්‍ෂා කිරීම’ අතර සමානකම් ඇති කරගත් අතර, පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කරවීම සහ ආර්ථික ප්‍රවර්ධනය කරා ලඟාවීම පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කරනු ලැබීය.

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්ගේ යෝජනාවලට අනුකූලව ආරක්‍ෂක රෙගුලාසි කඩිනමින් ක්‍රියාත්මක කරමින් හදිසි නිතීය පැනවීම, ප්‍රධාන ඉස්ලාමීය අන්තවාදී සංවිධාන තුනක් තහනම් කිරීම, ඔවුන්ගේ අරමුදල් ප්‍රභවයන් අඩපණ කිරීම, එම ප්‍රහාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම, ඊට අනුබලදුන් හෝ ත්‍රස්තවාදයට ආධාර කිරීම හා මුදල් සැපයීම මගින් සියලු ජනවාර්ගික ප්‍රජාවන්ගේ සහාය ඇතිව අවශ්‍ය සියලු ආරක්‍ෂක පියවරයන් ගෙන තිබේ. කෙටි කාලයක් තුළදී, ඔවුන්ගේ විදේශීය ජාලයන් සහ මූල්‍ය ප්‍රභවයන් විශාල වශයෙන් බිඳ දැමීමට රජයට හැකි විය. සාමූහික ප්‍රතිපත්තිමය අවබෝධයක් ඇතිකිරීම සඳහා මේ ආකාරයේ සම්මන්ත්‍රණ වේදිකාවක් සංවිධානය කිරීම ඉතා වැදගත්ය. ගෝලීය උපායමාර්ගය වන්නේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම නමුත් ඒ සමඟම මානව හිමිකම් ආරක්‍ෂා කිරීමයි” යනුවෙන් ආර්යසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ලොව පුරා යුද විශේෂඥයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම ආරක්‍ෂක සම්මන්ත්‍රණය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු නන් දෙසින් සහය වූ සියලුදෙනාට ප්‍රසංශා කළ එතුමන් මෙම ආරක්‍ෂක සම්මන්ත්‍රණයේ සමාප්ති දේශනය සිදුකරමින් සමකාලීන ආරක්‍ෂක අභියෝග සහ තර්ජන වර්ධනයවීම පිළිබඳව ද සාකච්ඡා කළේය.

මෙවර ආරක්‍ෂක සම්මන්ත්‍රණය, ඵලදායි සැසි නවයකට වෙන්කර තිබු අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් මෙම ආරක්‍ෂක සම්මන්ත්‍රණය පැවැත්විණි.

සමකාලීන විදේශීය හා දේශීය වෘත්තිකයන්, විද්වතුන් හා විශේෂඥයින් ගෝලීය ආරක්‍ෂාව පිළිබඳව පැන නැගෙන ගැටළු මෙන්ම ලෝක සාමය පවත්වාගෙන යාම පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශ්ලේෂණාත්මකව හා බුද්ධිමය වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව එම ගැටළු සඳහා යෝග්‍යවන විසඳුම් සහ උපදෙස් යෝජනාවන් රැසක් මෙම ආරක්‍ෂක සම්මන්ත්‍රණයේ ඉදිරිපත් කරනු ලැබීය.

අතිශය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අනාගතයේ දී අඛණ්ඩව අන්තර්ක්‍රියාකාරී සංවාද හා සාකච්ඡා කිරීමේ සඳහා මග පෑදූ ඵලදායී ප්‍රධාන සැසි නවයකින් සහ කණ්ඩායම් සැසි හතරකින් සමනවිත වූ කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම ආරක්‍ෂක සම්මන්ත්‍රණයට සහභාගිවූ සියලුම විදේශීය නියෝජිතයන්ට සමරු සිහිවටන ප්‍රදානය කරන ලදී.

කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය බ්‍රහස්පතින්දා (29) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාව සඳහා ආණ්ඩුකාරවරුන්, ජනාධිපති උපදේශකවරුන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, හිටපු හමුදාධිපතිවරුන්, විදේශීය හමුදා ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

මෙවර ආරක්‍ෂක සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ දේශනය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකිරීමෙන් අනතුරුව, ප්‍රධාන දේශනය ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ විසින් සිදුකළහ. මෙම සමුළුවේ ආරම්භක දේශනය හවායි හි ආරක්‍ෂක අධ්‍යයන සඳහා වූ ආසියා-පැසිෆික් මධ්‍යස්ථානයේ ආදී ශිෂ්‍යයෙකු වන මාධ්‍ය ව්‍යවසායකයෙකු, උපායමාර්ගික කටයුතු විශ්ලේෂකයකු මෙන්ම හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ කර්තෘ නිතින් ඒ ගොඛ්ලේ (Mr.Nitin A. Gokhale) මහතා විසින් සිදුකරන ලදී.

මෙවර ආරක්‍ෂක සම්මන්ත්‍රණය සඳහා සහභාගිවූ විදේශික විද්වතුන් 13 දෙනෙකු සහ දේශීය කතිකයින් 14 දෙනෙකු සඳහා මිනිත්තු 20 බැගින් වූ කාල පරාසයක් වෙන්කර තිබු අතර අදාළ ක්ෂේත්‍රයෙන් පූර්ණ ලෙස ආවරණය කර විවිධ පැතිකඩයන් පිළිබඳව අවධානය යොමු කරමින් අභියෝග සහ උභතෝකෝටික ගැටළු, එම ගැටළුවලට හේතු වූ මුලික කරුණු, ගෝලීය පාලනයට ඇති බලපෑම්, නෛතික ඇඟවුම්, සන්නද්ධ හමුදාවන්හි කාර්යභාරයන්, අභ්‍යන්තර ආරක්‍ෂාව සඳහා අධ්‍යාපන උපායමාර්ග, රාජ්‍ය තාන්ත්‍රිකභාවය, දෘඩ බලය හා මෘදු බලය සමතුලිත කිරීම, ප්‍රජාවන් සවිබල ගැන්වීම, සිව්වන පරම්පරාවේ ඇති විය හැකි යුද්ධමය වාතාවරණය යනාදිය මානව වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් විය.

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අමල් ජයවර්ධන මහතා, උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර සහ විදේශ කටයුතු ලේකම් එච්.එම්.ජි.එස්. පලිහක්කාර මහතා, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය හරින්ද්‍ර විදානගේ මහතා, හිටපු තානාපති / එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු මහත්මිය, බංගලාදේශය භාරකාර රජයේ හිටපු විදේශ කටයුතු ඇමති ආචාර්ය ඉෆ්තෙකාර් අහමඩ් චෞද්රි මහතා, පාත්ෆයින්ඩර් පදනමේ ඉන්දු-ලංකා සබඳතා මුවහත් කිරීම පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ උපදේශක සභාවේ සාමාජික සහ චීනයේ සිචුවාන් විශ්වවිද්‍යාලයේ සහ ලෙෂාන් විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයකු මෙන්ම චීනයේ හයිකුහි දකුණු චීන සමුද්‍ර අධ්‍යයන පිළිබඳ ජාතික ආයතනයේ අතිරේක මහාචාර්යවරයෙකු වන අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික) ආර්එස්පී, වීඑස්වී, යූඑස්පී, ආර්සීඩී, පීඑස්සී, පීඑච්ඩී, එම්එස්සී, එම්ඒ, බංගලාදේශ සාම හා ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ (BIPSS) සභාපති සහ දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය හමුදා උපදේශක සභාවේ (GMACCC) සභාපති (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ඒ.එන්.එම් මුනිරුස්සමාන්, මාධ්‍ය ව්‍යවසායක, උපායමාර්ගික කටයුතු විශ්ලේෂක සහ හමුදා ඉතිහාසය, ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ න්‍යෂ්ටික හා අභ්‍යවකාශ ප්‍රතිපත්ති මුල්පිරිමේ කීර්තිමත් සාමාජික සහ එහි නායක ආචාර්ය රාජේශ්වරී පිල්ලෙයි රාජගෝපාලන් මහත්මිය, ඉස්ලාමාබාද් හි උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සහකාර අසාද් උල්ලා ඛාන් මහතා, පර්යේෂණ හා සංවර්ධන ක්‍ෂේත්‍රය (ආර් ඇන්ඩ් ඩී වසම) කෙරෙහි අවධානය යොමු කරමින් රුමේනියානු පුද්ගලික සමාගමක් වන (Q AGENCY) හි නිර්මාතෘ සහ කළමනාකරණ සහකරු ඩැනියෙල් ගේබ්‍රියෙල් ඩිනූ මහතා, රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ ඉලෙක්ට්‍රොනික අංශයේ ප්‍රධානී කර්නල් පවෙල් වී. චර්නිෂොව්, හමුදා අධ්‍යයන වැඩසටහනේ උපායමාර්ගික අධ්‍යයන සහයක මාහචාර්ය ආචාර්ය අහමඩ් සලාහ් හෂීම්, ජාත්‍යන්තර අධ්‍යයන පාසලෙහි එස් රාජරත්නම් මහතා, සිංගප්පූරුව ජාතික විශ්ව විද්‍යාලයේ (ISAS-NUS) දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සහායක ආචාර්ය චුලානි අත්තනායක, ජිනීවා ආරක්‍ෂක ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ (GCSP) ගෝලීය අවදානම් සහ ඔරොත්තු දීමේ ප්‍රධානී ආචාර්ය ජීන් මාක් රික්ලි මහතා, ජිනීවා මධ්‍යස්ථාන (DCAF) සන්නද්ධ හමුදා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආසියා-පැසිෆික් ඒකකයේ ප්‍රධානී ආචාර්ය ඇල්බ්‍රෙක්ට් ෂනාබෙල් මහතා, ස්වාධීන පර්යේෂක ආචාර්ය ඇන්ඩ්‍රියා ස්ටොයියාන් කරඩේලි මහතා, කැලිෆෝනියාවේ මොන්ටෙරේ හි ජාතික ආරක්‍ෂක කටයුතු පිළිබඳ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නාවික පශ්චාත් උපාධි විද්‍යාලයේ සහ ස්වදේශ ආරක්‍ෂක මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ෂැනෝන් ඒ. බ්‍රවුන්, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය, වයඹ නාවික විධානභාර ආඥාපති රියල් අද්මිරාල් රුවන් පෙරේරා, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ පුහුණු එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ, ශ්‍රී ලංකා කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වැඩසටහන් සහ ප්‍රතිපත්ති විශ්ලේෂක ෂාරිකා කුරේ මහත්මිය, ස්වාධීන නීතිඥ, කැළණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ පීඨ සාමාජික ඉන්දික පෙරේරා මහතා, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ පර්යේෂණ සහායක නිලන්තන් නිරුන්දන් මහතා සහ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපායමාර්ගික අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සනත් චන්දන ද සිල්වා මහතා මෙවර ආරක්‍ෂක සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ ප්‍රධාන කථිකයින් සහ සම්පත් දායකයින් අතර වේ. latest Running | Air Jordan